ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 57 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (10 වැනිදා) පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ලකුණු 4 කින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පරාජය කරමින් 8 වැනි ජය ලැබීය.
ඉන්දීය 21 හැවිරිදි වමතින් වේග පන්දු යවන ක‍්‍රීඩක ජාදෙව් උනාකට් ලකුණු 25 කට කඩුලූ 5 ක් දවාගනිමින් තරගයේ වීරයා බවට පත්විය.
මහේල ජයවර්ධන පන්දු 13 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 19 ක් රැස් කළේය. දිල්ලි පිලේ නිත්‍ය නායක මහේල ජයවර්ධනට මෙම තරගයේදී නායකත්වය අහිමි වූ අතර ඬේවිඞ් වෝනර් නායකයා ලෙස කටයුතු කළේය.
විරාට් කෝලි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 58 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 99 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියේය.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල ඕවර 20 කදී කඩුලූ 4 ට 183 (විරාට් කෝලි 99, මොයිසිස් හෙන්ද්‍රික්ස් 26, ඒ. බී. ඩිවිලියස් නොදැවී 32)
දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 179 (මහේල ජයවර්ධන 19, විරේන්ද්‍ර සෙවැග් 18, උන්ක්ඩාට් චාන්ද් 41, බෙන් රෝරර් 32, මොනේ මොර්කල් 19, ඉර්ෆාන් පතන් නොදැවී 23, ජාදෙව් උනාකට් 25/5)
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංගලෝර් පිලට ලකුණු 4 ක තියුණු ජයක්
සමීර Saturday, 11 May 2013 11:24 AM
මහේල දඩි උත්සහයක් ගන්න බැලුව ......... (ස)
යොහාන් Friday, 10 May 2013 09:58 PM
දැන් බලමු අපේ කෙනා මොකද කරන්නේ කියලා. (නි)
සරසි Saturday, 11 May 2013 04:07 PM
මෙ උතුම් රටට එරෙහි වුන හැමෝටම වෙනදේ ඕක තමයි. පහුවෙලා හරි පලදේවි.(නදී)