බංග්ලාදේශයේ ඩකා අගනුවර, සත් මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 43 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් 40 දෙනකු පමණ දුම් ආඝ්‍රාණ වීමෙන් සහ පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කෙරුණි.
පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කළ කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවත් ඩකා ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පවසති. තුවාලකරුවන් ඇතුළත් කළේ මෙම රෝහලටය.
ගින්න හටගත්තේ, ‘බේලි රෝඩ්’ නමැති සත් මහල් ගොඩනැගිල්ලේය. මෙහි බහුලව ඇත්තේ රෙදි පිළි අලෙවිසැල් සහ ජංගම දුරකතන අලෙවිසැල් වන අතර, ගොඩනැගිල්ලේ ඇති එකම බුරියානි අවන්හල බංග්ලාදේශ වැසියන් අතරේ අතිශය ජනප්‍රියය.
ගිනි නිවන හමුදාව පවසන ආකාරයට ගින්න හටගෙන ඇත්තේ මෙම අවන්හලෙනි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී ඇත. ගින්න හටගත්තේ ඊයේ (29) රාත්‍රී 10 ට පමණය.
ගින්න ඉහළ මහලවලට පැතිරෙද්දී, බොහෝ දෙනකු ගොඩනැගිල්ල මුදුණේ කොටුවුණු අතර එම පිරිස් බේරා ගැනීමට ගිනි නිවන භටයන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
(එන්.ඪී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බංග්ලාදේශයේ ගින්නක්