IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


බංගලාදේශයේදී ’’ශ්‍රී ලංකන්’’ ට සැලකුම් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි

(අංජුල මහික වීරරත්න)

බංග්ලාදේශයේ ඩකා ගුවන් තොටුපළෙහි දී සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

සීමා සහිත ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා ඩකා ගුවන්තොටු පොළෙහිදී බිම් මෙහෙවර සේවා සැපයීම එහි සිටින එකම සේවා සැපයුම්කරු වන Biman Bangladesh Airlines Limited විසින් සිදු කරනු ලබන අතර, එම කොන්ත්‍රාත්තුවේ කාල සීමාව 2025-09-30 දිනෙන් අවසන් වීමට නියමිතය.

එකී කොන්ත්‍රාත්තුව දීර්ඝ කර ගැනීම පිණිස එම සමාගම වෙතින් යෝජනාවක් ලබා ගෙන ඇත.

 ලංසු ඇගයීමේ කමිටුව සහ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් එකී යෝජනාව ඇගයීමෙන් අනතුරුව, ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව 2025-10-01 සිට 2028 -09-30 දක්වා වන වසර 3 ක කාලසීමාව සඳහා අදාළ කොන්ත්‍රාත්තුව එම සමාගම වෙත පිරිනැමීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.



අදහස් (0)

බංගලාදේශයේදී ’’ශ්‍රී ලංකන්’’ ට සැලකුම් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 94 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 32 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site