IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බැංකු කොල්ලයට ආ සැකකරුට වෙඩි

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා,ඡායාරුප සිරිනිහාල් ගමගේ)

අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට අද(19) දහවල් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු බැංකුවේ ආරක්ෂකයන් විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අහංගම පොලීසිය කියයි.

සැකකරු ළඟ ජීව අත් බෝම්බයක් තිබී හමුවු බවද පොලීසිය පවසයි.

මෙම සිද්ධියේදී බැංකුවට ඇතුළු වු සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් බැංකුවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් එක් අයකුට පහර දි ඇති අතර මේ අවස්ථාවේදී අනෙක් ආරක්ෂක නිලධාරියා මංකොල්ලකරුට තම අත තිබූ ගිනි අවියෙන් වෙඩි තබා ඇත.

වෙඩි පහර කෑ මංකොල්ලකරු සහ අනෙක් සැකකරු බැංකුව පිටුපස කැලයට දිවගොස් ඇත. එහිදී අහංගම පොලිසියට සිද්ධිය සැලවි ඇති අතර පොලීසිය පැමිණ කළ පරික්ෂාවේදි වෙඩි වැදි සිටි සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.

 

ඡායාරුප - අමල් වික්‍රමරත්න



අදහස් (11)

බැංකු කොල්ලයට ආ සැකකරුට වෙඩි

Perakum Tuesday, 19 December 2017 09:58 AM

මෙය ආරක්ෂක නිලධාරියාගේ දක්ෂකම නිසාම සිදු වී ඇති බව පෙනේ. අපේ බැංකුවේ ඉන්න ආරක්ෂකයින්ට තියන ගිනි අවිය දිගින් වැඩි බරින් වැඩි හැසිරවීමට ඉතා අපහසු එකකි. ඔවුනට තිබිය යුත්තේ කුඩා එහෙත් කාර්යක්ෂම ගිනි අවියකි. මේ ගැන බලධාරීන් සිතා බැලිය යුතුය.

:       167       2541

hesaTuesday, 19 December 2017 02:23 PM

එ්ක තමයි වේලිච්ච පොල් අත්තක් වගේ තුවකකුව. එ්ක උස්සල මාන අල්ලන කම් හොරු බලන්ඉඳිවි. පිස්තෝලයක් එපාය දෙන්ට. ඒකටත් ලෝබ කම

:       0       0

sahan Tuesday, 19 December 2017 01:03 PM

පොහොට්ටුවේ අපේක්ෂකයෙක්ද????????

:       0       0

Hemasiri Tuesday, 19 December 2017 01:30 PM

බිම වැටී අසරණ වී සිටින විට සිතට දුකක් දැනුනි. කාගේ වුනත් දරුවෙක් කියා සිතුනි. වරද සමාජයේ සහ රට අරාජික කල පාපතරයන්ගේ බවද සිතුනි. තුවාල වී වැටී සිටින්නාගේ දුරකථන චායරුප ගැනීම පහත් ක්‍රියාවක් කියාද සිතේ. මගේ රට පත් වී ඇති කණගාටුදායක තත්වය පිලිබඳ දැනෙන්නේ මහත් කලකිරීමකි.

:       0       0

රවින් Tuesday, 19 December 2017 02:12 PM

හැමදා නියන් එකදා වැහි වළාවේ.

:       0       0

Ranjith Silva Tuesday, 19 December 2017 02:15 PM

තම රාජකාරිය නිසි ලෙස කරනලද මෙම මිනිසාට මගේ ප්‍රණාමය. නිර්භයව ජීවත් වීම නියම මිනිස්කම වේ. නීතිය අනුව මෙම නිලධාරියාට සැනසිල්ල ලබා දෙන්න. එසේම වේවා.

:       0       0

Chintha Tuesday, 19 December 2017 02:36 PM

ආරක්ෂක නිලධාරියාට අපේ උපහාරය!!!!!! ඔය විදිහට දෙතුන් පලකින් කෑවානම් ලංකාවේ බැංකු කැඩීම නතර වෙයි....

:       0       0

de silva Tuesday, 19 December 2017 03:11 PM

පැරකුම් මහතා ගේ යෝජනාව ඉතාමත් කාලෝචිත එකකි.....බැංකු ආරක්ෂකයන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන තුවක්කු ඉතා විශාල වන අතර හදිසි අවස්ථාවකදී ඒවා හැසිරවීමට අපහසු බව පෙනේ බොහෝවිට ඒවා නිෂ්පාදනය කර ඇත්තේ වනයේ දඩයමේ යාමටය.... ඒවා මගින් වෙඩි තැබීමේදී බැංකුවේ සිටින ගනුදෙනු කරුවන්ටද තුවාල වියහැක.....විදේශ රටවල මෙවැනි ආරක්ෂකයන් පරිහරණය කරන්නේ 9 mm ප්‍රමාණයේ පිස්තෝල වේ.......එම පිස්තෝල ළඟ තිබෙන ඉල්ලක්ක වලට වෙඩි තැබීමට භාවිත කරන අතර එහි වැඩි පතුරම් සංඛ්‍යාවක් ගබඩා කල හැකි නිසා වැඩි වෙඩි ප්‍රමාණයක් එල්ල කල හැක....බඳ පටියක් ආධාරයෙන් ශරීරයේ රඳවා ගත හැකි නිසා පරිහරණයටද පහසුය...........

:       0       0

Nuwan Tuesday, 19 December 2017 03:27 PM

ෂොට් ගන් එකෙන් හරි හොරුන්ට වෙඩි තිබ්බ ආරක්ෂක මහතුන්ට දැයේප්‍රණාමය , අපරාදේ තව එකක් තියලම දැම්මනම් ඉවරයි කියල හිතෙයි නඩු අහල මොවුන් වසර කීපයකට පමණක් හිරගෙදර ගිහින් අපේම බදු මුදල් වලින් යැපෙන්න ගත්තම

:       0       0

සමන් Tuesday, 19 December 2017 04:03 PM

ප්‍රතමයෙන්ම විරෝදාර ආරක්ශක නිලදරුවාට මාගේ ප්‍රනාමය. දෙවනවර දනහිසට තබා මේ රටට ඔබෙන් විය යුතු සේවය මග නොහරින ලෙසද ඉල්ලා සිටිමි

:       0       0

Kuma Tuesday, 19 December 2017 04:30 PM

රනිල් මහත්තයට වෙඩි වැදිලද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31493 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13818 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11063 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 152 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1067 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 296 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site