IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


බකිංහැම් මාලිගයේ සහායකයකුට කොරෝනා

බ්‍රිතාන්‍ය දෙවැනි එලිසබෙත් රැජින වාසය කරන බකිංහැම් මාලිගයේ සහායකයකුට කොවිඩ් - 19 වයිරසය ශරීරගත වී ඇතැයි තහවරු වීමත් සමගම එම පුද්ගලයා සමග සම්බන්ධතා පැවැත්වූ රාජකීය ගෘහසේවකයන්ට ස්වයං හුදකලා වීමට නියෝග කර තිබේ.

මහ රැජින, පාස්කු උත්සව සඳහා සෑම වර්ෂයකම  බකිංහැම් මාළිගයෙන් නික්ම වින්ඩ්ස්ර් මාළිගාව යන අතර මේ හේතුවෙන් මෙවර නියමිත දිනට පෙර එම මාළිගාවට යාමට තීරණය කළාය.

93 හැවිරිදි වියේ පසුවන මහ රැජින වින්ඩ්සර් කාසල් වෙත පදිංචියට යාමට පෙර මෙම සේවකයාට කොවිඩ් - 19 වෛරසය ශරීගත වී ඇතැයි හඳුනාගෙන ඇත.

මාළිගාවේ සියලු දෙනා අතර අත් ස්පර්ශවීම වළක්වා ඇති අතර මෙම සේවකයා කිසිදු අවස්ථාවක මහ රැජින මුණ ගැසී නැතැයි ද පැවසේ.

එළිසබෙත් රැජින තම සැමියා 98 හැවිරිදි පිලිප් කුමරු සමග වින්ඩ්සර් මාළිගාවේ නැවතී සිටීමට අපේක්ෂා කරන බව ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

රාජකීය වාර්තා පවසන්නේ රැජින සහ එඩින්බරෝ ආදිපාදවරයා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර අන් පුද්ගලයන් සමඟ සම්බන්ධතා පැවැත්වීමෙන් ද වැළකී සිටින බවයි.

''රැජින වින්ඩ්සර් මාළිගාවට පිටත්ව යාමට පෙර සේවකයාට කොවිඩ් - 19 ඇති බව තහවුරු වුණා. නමුත් මාළිගාවේ කාර්ය මණ්ඩලයේ සාමජිකයන් 500ක් සිටිනවා. මේ නිසා මාළිගාවේ එදිනෙදා කටයුතු සඳහා කිසිදු බාධාවක් ඇතිවන්නේ නැහැ. අපි එක් එක් කාර්ය මණ්ඩල සාමාජිකයන් ගැන අදස් දක්වන්නේ නැහැ. " බකිංහැම් මාළිගයේ ප්‍රකාශයකු පවසා තිබිණි.


''සුදුසු මගපෙන්වීම් හා නියම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාදාමයන්ට අනුකූලව ඊට සම්බන්ධ පුද්ගලයින් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා." යැයි ඔහු පවසයි.

බ්‍රහස්පතින්දා පිලිප් කුමරු සැන්ඩ්‍රින්හැම් වතුයායේ සිට හෙලිකොප්ටර් යානයකින් මෙම මාළිගාවට පැමිණියේය. එලිසබෙත් රැජින දැන් එඩින්බරෝ ආදිපාදවරයා සමග වින්ඩ්සර් මාළිගාවේව සිටින්නීය.

බර්ක්ෂයර් හි පිහිටි මෙම වින්ඩ්සර් මාළිගාවේ ගත කරන කාලයේ සමාජයෙන් දුරස්ථව සිටීමට කටයුතු කරන බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රැජින සහ පිල්ප් කුමරු වයෝවෘද්ධව සිටින බැවින් ඔවුන් කොවිඩ් - 19 රෝගයට ගොදුරු වුවහොත් සංකූලතා ඇතිවීමේ අවදානම වැඩි බව රාජකීය වෛද්‍යවරු අනතුරු අඟවති.

(ඬේලිමිරර් ඇසුරිණි - 085)



අදහස් (0)

බකිංහැම් මාලිගයේ සහායකයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31371 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13592 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11015 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 129 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1014 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site