IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


බැකලන්ට්ස් පෙරමුණට එයි

ශත සංවත්සර ප‍්‍රංශ සවාරියේ දෙවැනි අදියර ජය ගැනිමට බෙල්ජියානු ජාතික යාන් බැකලන්ට්ස් සමත් විය. 27 හැවිරිදි ඔහු රේඩියෝශැක් ලෙපර්ඞ් කණ්ඩායම නියෝජනය කරයි.

මෙතෙක් පැවැති අදියර දෙකේදීම කාලය මැනීම අනුව තත්ත්පරයකින් ඉදිරියට පැමිණි බැකලන්ට්ස්, ස්ලෝවැකියානු ජාතික පීටර් සාගන් දෙවැනි තැනටත්, පෝලන්ත ජාතික මයිකල් කිවත්කොස්කි තුන්වැනි ස්ථානයටත් ඇද දමමින් සමස්ත තරගයේ ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයාට හිමි කහ බැනියමද ඇගලා ගැනීමට සමත් විය. සමස්ත තරගය සඳහා බැකලන්ට්ස්ගේ කාලය පැය 8 කුත් විනාඩි 40 තත්පර 3 කි.
කොසිකා දූපතේ බැස්ටියා නුවරින් ඊයේ (30) ආරම්භවූ ප‍්‍රංශ සවාරියේ දෙවන අදියර කිලෝමීටර 156ක දුරකින් යුක්ත වූ අතර එය ඇජැකියෝ නගරයෙන් අවසන් විය.

”තරගය අවසන් වීමට මීටර 500ක් පමණ තියෙද්දී අනෙක් පිරිසත් මාත් අතර සෑහෙන දුරක් තිබුණා. මෙය මගේ ජීවිතේ ලස්සනම දවසක් වේ යැයි මං මටම කියා ගත්තා. සමහරවිට මෙය මම කහ බැනියම අදින පළමු සහ අවසන් අවස්ථාව වෙයි” යයි බැකලන්ට් තරගයෙන් අනතුරුව මාධ්‍යයට පැවසීය.

පළමු අදියර ජයගත් මාෂල් කිට්ල් විනාඩි 17 තත්පර 30ක් පසුව පැමිණි නමුත් තවමත් හොදම කෙටිදුර පැදයන්නා ලෙස හරිත බැනියම සතුකර ගෙන සිටී.

තරගයේ තෙවන අදියර ඇජැකියෝ නගරයේ සිට කිලෝමීටර 145ක දුරකින් පිහිටි කල්වි දක්වා අද (01) පැවැත්වීමට නියමිතය.

සමස්ත තරගයේ ඉදිරියෙන් සිටින කී‍්‍රඩකයෝ
01. යාන් බැකලන්ට්ස් (බෙල්ජියම)
02. ඬේවිඞ් මිලර් (මහා බි‍්‍රතාන්‍යය)
03. ජූලියන් සයිමන් (ප‍්‍රංශය)
04. ඩැරිල් ඉම්පේ (දකුණු අපි‍්‍රකාව)
05. එඞ්වඞ් බෝසන් හාගන් (නෝර්වේ)
06. සයිමන් ජෙරන්ස් ( ඕස්ටේ‍්‍රලියාව)
07. මයිකල් කිවත්කොස්කි (පෝලන්තය)
08. සර්ගෙයි ලග-ුටින් (උස්බෙකිස්තානය)
09. කි‍්‍රස්ටොපේන් රිබ්ලන් (ප‍්‍රංශය)
10. කැඩෙල් එවන්ස් ( ඕස්ටේ‍්‍රලියාව)



අදහස් (0)

බැකලන්ට්ස් පෙරමුණට එයි

රොෂාන් Monday, 01 July 2013 01:19 PM

මොහු ගැන කිසිවෙක් බලාපොරොත්තු තියාගෙන හිටියේ නැහැ. සජීවී විස්තර ලබා දුන් ප්‍රංශ රූපවාහිනිය පැවසුවේ තරගය ජය ගැනීමට ඔන්න මෙන්න සිටින්නේ ස්පාඤ්ඤ ජාතිකයන් කියාය. මොහු එතරම් ප්‍රසිද්ධ නැත. ඔහුට සුබපතමි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 291 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site