(අජන්ත කුමාර අගලකඩ)
නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආරම්භ වී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පිරිස ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වරින් වර මුණගැසී හා විවිධ පාර්ශ්ව හරහා මෙම ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත.
අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ද ඇතුළුව 25 දෙනකුට පමණ සීමා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වන අතර ඇමතිවරුන් 23 දෙනාගෙන් දහතුන් දෙනකු දැනටමත් දිවුරුම් දී ඇත.
ඇමති මණ්ඩලයේ ඇමතිවරුන් සංඛ්‍යාවෙන් දස දෙනකු පමණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන අතර, ඉන් පස්දෙනකු මේ වන විටත් දිවුරුම්දී ඇත.
තවත් ඇමතිධූර පහක් පමණ පොදුජන පෙරමුණට වෙන්කර ඇති අතර, ඒ සඳහා මන්ත්‍රීවරුන් 40 දෙනකු පමණ ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩලයේ දිනේෂ් ගුණවර්ධන සහ ඊ පී ඩී පී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරුන්ට අමතරව, කැබිනට් අමාත්‍යධුර එකොළහක් සෙසු පක්ෂවලට හිමිවීමට නියමිතය.
ඉන් සෙසු පක්ෂ හා කණ්ඩායම් නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත ,ආචාර්ය විජයදාස රාජපක්ෂ , හරීන් ප්‍රනාන්දු, මනුෂ නානයක්කාර, නලින් ප්‍රනාන්දු සහ ටිරාන් අලස් යන මහත්වරුන් ඇමතිධුරවල දැනටමත් දිවුරුම්දී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා සමගි ජන බලවේගය ට තවත් ඇමති ධූරයක් බැගින් වෙන් කර ඇතැයිද දැනගන්නට ඇත.
කැබිනට් මන්ඩලයේඉතිරි පිරිස හා රාජ්‍ය ඇමතිවරුන් ලබන සතියෙදි දිවුරුම් දීමට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ .
මේ අතර ,රාජ්‍ය අමාත්‍ය ධූර සංඛ්‍යාවද 30 කට පමණ සීමා කෙරෙනු ඇතැයි වාර්තා වේ
.
COMMENTS
ඇමැතිකමට පොර කාලා ඇමැති තනතුරු ගත්තද ඔවුන් කිසිවකු ඔවුන්ගේ ගම්බිම් වෙත යාමටද නොහැකිය. ඔවුන් හෝටල්වල නැවතී සිටින්නේ නම් ඒ සඳහා ඔවුන් විසින්ම මුදල් ගෙවිය යුතුවේ..!
වනසතුන් ගොදුරු වලට පොර කනවා සේ මෙම පිරිස් අරගල කර ගැනීමට පටන් ගෙන ඇත.
පේනවා නේද රට වෙනුවෙන් වැඩ කරන හැටි...?
ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කිව්වලු..!
කිසිවෙකුට විශේෂිත රථ, එක ආරක්ෂකයකු පමණක්, විශේෂ දීමනා නොමැති බව සියලු සේවාවන් සඳහා දැනට සිටින රාජ්‍ය සේවක සංචිතයේ පමණක්, විශේෂ නිවාස පහසුකම් නොමැතිබව, පෙර හා පසුපස රථ නොමැති බව වගේ කොන්දේසි ටිකක් දැම්මා නම් හැලෙන ගණන හොයාගන්න පුළුවන් වේවි.. මේ දඟලන්නේ රටට තියෙන ආදරේට නෙවෙයි.. තම මඩිස්සලේ තරකර ගැනීමට ඇති තෘෂ්ණාවට...
බලමුකෝ... ඇවිත් කරන හැටි...!
නොදකින් විතරක්...
ගමේ මිනිස්සුන්ට හරියට ආදායමක් නැහැ... හාල් කිලෝ 1යි, පරිප්පු කිලෝ 1යි ගන්න රුපියල් 1000ක් හොයා ගන්න වෙලා තියෙන්නේ. මේ සේරම මකබෑවිලා ගිහින් රට කරන්න පුළුවන් කට්ටියකට දෙන්නෙත් නෑ... මසුරුකම වැඩි හින්දා...
අනේ මෙහෙම තණ්හාවක්? ඇමතිකම් ගන්ඩ මෙච්වර පොරකන හැටි,වෙන රටවලවත් නැතුව ඇති .
ඕස්ට්රේලියානු මහ මැතිවරණයෙන්, කම්කරු පක්ෂයේ ජය තහවුරු වෙද්දී, අග්රාමාත්ය ස්කොට් මොරිසන් පරාජය බාර ගනිමින්, ඇන්තනි ඇල්බනීස්ට ඇමැතුමක් දී සුබ පැතූ බව වාර්තා වේ.තමන් ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් වන බව ද අග්රාමාත්ය ස්කොට් මොරිසන් වැඩි දුරටත් කියා සිටියේය. අපේ මහජන නියෝජිතයෝත් මේ ආදර්ශය ගන්න.ජනතාව එක වතාවක් ප්රතික්ෂේප කලාම ඉවත් වෙන්න වෙන සුදුසු පුත්ගලයන් රටේ ඉන්නවනේ එතනට එන්න. රට අරාජික වෙලා තියෙන්නේ මේ අත අරින්න බැරුව දගලන දැගලිල්ල නිසා නේද. දක්ෂ මිනිහෙකුට එදිරියට එන්න අවස්ථාවක් නෑ. හත් අට පාරක් පරද උන අය නැවත එනවා
දැන් වැටහෙනවද ජවිපෙ මන්ත්‍රී ආසන තුනක් තියාගෙන අගමැති කම නොගත් හේතුව? ජවිපෙ අවලාද නගනවනේ ඒකට, දැන් රට පරන ගමනෙම යන බවත් මහින්ද වෙනුවට එයාගෙ නිවුන් සොයුරු රනිල් අගමැති බවත් පෝලිම් බඩගින්න එහෙමම බවත් පේනව නේ
අධ්‍යාපන ඇමතිකම ඩලස් හෝ දිනේෂ් විය යුතුයි..
ඔව්, මේ අය තනතුරුවලට පොර නොකෑවොත් තමයි ඒක අලුත් ප්‍රවෘත්තියක් වෙන්නේ...
ඇමති මණ්ඩලේ ටික ටික ලොකු වෙනවද?20යි කියලනෙ කලින් කිව්වෙ
කවුද දන්නේ කලින් වතාවක් කෙරුවා වගේ අගමැති ගේ දෑත් සක්තිමත් කරන්ඩ හදනවද කියලා ? අපේ රටේ දේසපාලුවන්ගේ කෙරුවාවල් ගැන මොන කතාද?
බුද්ධිමත්, උගත්, ක්‍රියාශීලි නිලධාරින් සමග සුහදව කටයුතු කළහැකි වංචා, දූෂණවලට බරක් නොපෙනෙන රට ගැන හැඟීමක් තියෙන අයගෙන් පත්කළොත් ඔය ප්‍රශ්නය විසඳීමට හැකියි. උදාහරණයක් ලෙසට කියන්න පුළුවන් එයාව හිටපු මහඇමති කියනවා ඔහුට ලොකු දැනුමක් නැහැ කියලා... තමන්ගේ තත්වය දන්න අයෙක් ගැනීම හොඳයි.. තවත් හිටියා වනජීවි ඇමති කෙනෙක්.. එයත් කිසිම දේකට නුසුදුසුයි. තෝරන්න බැරිනම් නාම යෝජනා ගෙන පාර්ලිමේන්තුවේ ඡන්දය විමසා තෝරන්න...!