
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් සැරයන්වරයකු මෝටර් රථයේ බොනට්ටුව මත එල්ලී සිටියදී මෝටර් රථය කිලෝ මීටරයක් පමණ දුරක් රැගෙන ගොස් වෙට්ටුවක් දමා සැරයන්වරයා ව බිමට වැටීමට සලස්වා පලාගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරු හඳුනාගෙන ඇතැයි නුගේගොඩ කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පළා ගිය මෝටර් රථයේ ලියාපදිංචි අංකය සි සි ටි වි දර්ශන ඔස්සේ ලබාගෙන සිදුකළ විමර්ශනවලදී පලා ගියේ එම පුද්ගලයා නුගේගොඩ මිරිහාන උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු බවට අනාවරණ වී තිබුණි
ඒ අනුව එහි ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් පලාගිය සැකකරුට අයත් බව කියන ඉඳිකරමින් පවතින සුඛෝපභෝගී තෙමහල් නිවස වටලා සිදුකළ පරීක්ෂාවේදී පලාගිය සැකකරු නිවසේ නොසිටීම හේතුවෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනා ගෙන් ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී තම සහෝදරයා පෙරේදා (19) ඔහුගේ බිරිඳ සමග නිවසින් පිට වූ බවත් සිටින තැනක් හෝ දුරකථන අංකයක් නොදන්නා බවත් ප්‍රකාශ කර ඇත
පලා ගියේ එම සැකකරු මීට කලකට පෙරදී ගිනි අවියක් සමග පොලිස් අත්අඩංගුවට පත්වූ අයකු බවත් මත් මුද්දර සහ මත් පෙති ජාවාරම සිදු කරන්නෙක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
තමන්ගේ නිලධාරියෙකුට ඔය තරම් දෙයක් කරපු කෙනා බැරිනම් අනෙක් ඒවා ගැන කුමන බලාපොරොත්තුද .වාහන අංකය සී.සී.ටී.වී එකෙන් බලලා ලියාපදිංචි අයිතිකාරයා සොයාගැනීම පොඩි දෙයක් .ඒක අනතුරකදිත් කරනවා
ඔය පුද්ගලයාගේ නම අපි නම් දන්නවා. දුමින්ද නොහොත් කුඩු දුමිය නේද?
අපගේ ළමා අවධියේ හොරා පොලිස් සෙල්ලම කල සුන්දර අතීතය මතක් වෙනවා......අපගේ ඒ ළමාවියේ කල ඒ හොරාපොලිස් සෙල්ලම මහජන මුදලින් වැටුප් ලබන පොලිස් නිලධාරීන් මේ වයසෙදිත් කරනවාදෝ සැක සිතෙන්නේ අපට පමණද ?
කුඩ්ඩන්ගේ දේපල රාජසන්තක කරන්න. සල්ලි දේපල රැස් කරන්නනෙ කුඩු විකුණන්නේ
කිලෝ මීටරයක් දුර යනකම් අල්ලන්න බැරි වුනා කියන එකනම් හොඳ මදි. ඒ කියන්නේ සූදානම් නැහැ කියන එක. නමුත් මේ නිලධාරියා ගැන ආඩම්බරයිි ඔබට ජයෙන් ජය..
රටේ වාහන සම්බන්ද සියලු තොරතුරු වෙනත් රටවල පොලිස් ස්ථානවල මෙන්ම පොලිස් ජංගම රථවල පරිගනක තුලත් තිබෙනවා. මෙම ක්‍රමය ලංකාවේ ඇතිකල යුතුයි
හමුදාවේ හිටපු පොලිස් ඇමතිව හමුදා සම්බන්ධ වැඩකට යොදවා පොලීසිය ගැන අත්දැකීම් ඇති අයෙකු පොලිස් ඇමැති ලෙස පත් කරන්න.
හමුදාවේ හිටපු පොලිස් ඇමතිව හමුදා සම්බන්ධ වැඩකට යොදවා පොලිසිය ගැන අත්දැකීම් ඇති අයකු පොලිස් ඇමැති ලෙස පත් කරන්න.... එහෙම නම් ඉතින් දේශපාලුවෙක් දාන්න බැහැනේ. පොලිසියෙන් විශ්‍රාමගිය කෙනෙක්වම දාන්න වෙනවා. අනික හිටපු හමුදා නිලධාරියෙක් සහ පරිපාලන නිලධාරියෙක් වුණු ජනාධිපති...! හරි නම් පොලිසියත් හමුදාව වගේම හදලා ගන්න ඕනේ...
පුළුවන් නම් අත්අඩංගුවට අරන් බලන්නකෝ..!
බීඩී - අතේ සතේ නැති එකා. සිගරැට් - යාන්තමට කීයක් හරි හම්බකරන එකා. කේජී - එදා වේල හම්බකරන් කන මෝඩයා. ගංජා - මාස් පඩි කාරයා / මද්‍යම පාන්තිකයා. අයිස් - මාස්පඩි / මද්‍යමපාන්තික බූරුවා. හෙරෝයින් - මාස් පඩි / මද්‍යම හා බාගෙට ඉහල පන්තික බූරුවා. කොකේන් - සල්ලි උතුරන එකා සහ පොර.
මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පොලිස් නිලධාරීන් ද කුඩ්ඩන් ලෙස හඳුන්වමු ද?