IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන බලාපොරාත්තුවක්

(ගයාන් සූරියආරච්චි)

පොලිස් නිලධාරීන්ගේ විනය පරීක්ෂණ ප්‍රමාදවීම සම්බන්ධව ඊට විසදුම් සහ නිර්දේශ යෝජනා කරමින් සකස් කරන ලද කමිටු වාර්තාව නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා විසින් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාවෙත පොලිස් මූලස්ථානයේදී ඉකුත් දා  බාරදෙනු ලැබීය.

පොලිස් නිලධාරීන්ට එරෙහි විනය කාර්ය පටිපාටියට අදාල පරීක්ෂණ සදහා දීර්ඝ කාලයක් ගතවීම නිසා නිලධාරීන්ගේ වැටුප් වර්ධක, දීමනා සහ උසස්වීම් ප්‍රමාදවීම පිළිබදව සොයාබලා ඊට විසදුම් සහ යෝජනා මෙම වාර්තාවේ සදහන්වේ.

නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්, විනය හා කල්ක්‍රියා හා නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් අභ්‍යාස ආයතනය නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වූහ.

 

 



අදහස් (1)

පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ගැන බලාපොරාත්තුවක්

කුසල්හාමි Monday, 29 April 2024 11:00 AM

"නැගෙනහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ ප්‍රධානත්වයෙන්, විනය හා කල්ක්‍රියා හා නීති දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නීතීඥ රුවන් ගුණසේකර, නියෝජ්‍ය පොලිස්පති ජාතික පොලිස් අභ්‍යාස ආයතනය නීතීඥ ජාලිය සේනාරත්න, මානව සම්පත් කළමනාකරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.පී.ජේ. සේනාධීර මහතා සහ විනය හා කල්ක්‍රියා කොට්ඨාසයේ අධක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සිල්වා යන මහත්වරු එම කමිටුවට ඇතුළත් වූහ." අටුවා ටීකා කුමට? තව අඩ පෝයකිං පායා එන වෙසක් සිසිල් සද කිරණ ස්පර්ශ කෙරෙමින් පොලිස් පති තුමාට නමෝ විත්තියෙන් සුවිශේෂී පිංකමට අතගසන්නට ඉඩ හසර ලැබේවා!!! කුසල්හාමි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැලේසියාවේදී බොයිලේරුවක් ඇඟට පෙරැළි මිය ගිය තරුණයාගේ සිරුර ගෙන එයි
2024 මැයි මස 12 365 0

මැලේසියාවේ අවන්හලක සේවය කරමින් සිටියදී බොයිලේරුවක් ඇඟට පෙරලී මිය ගිය තරුණයාගේ සිරුර ඔහු පදිංචි ශ්‍රී ලංකාවේ මස්කෙළිය, බ්‍රන්ස්වික් තේ වතුයායේ, මොටි


දන්සැල්වලට සතොසෙන් විශේෂ වට්ටමක්
2024 මැයි මස 12 133 0

වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් සඳහා ආහාර ද්‍රව්‍යවලට විශේෂ වට්ටමක් පිරිනැමීමට ලංකා සතොස තීරණය කර ඇති බව නිවේදනය කරයි.


වට්ස් අප් වලින් ඉංග්‍රීසි පේපරේ යැවූ ගුරා අත්අඩංගුවට
2024 මැයි මස 12 381 0

අපොස සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය වට්ස්අප් හරහා බෙදා හැරි බව කියන ගුරුවරයෙක් මහනුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.


පොලිස් සැරයන් ගංජා සමඟ මාට්ටු
2024 මැයි මස 12 129 0

පොලිස් සැරයන්වරයකු කේරළ ගංජා සමඟ මන්නාරම නාවික හමුදා කඳවුරේ බුද්ධි අංශයේ නිලධාරීන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.


පියාගේ වෙඩි පහරින් පුතා රෝහලට
2024 මැයි මස 12 482 0

පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි


සවස් කාලයේදී පළාත් කිහිපයකට වැසි
2024 මැයි මස 12 90 0

දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 612 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2113 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1838 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site