
(අංජුල මහික වීරරත්න)
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සම්බන්ධ කොට ගනිමින් බොරු පුවතක් නිර්මාණය කිරීම ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස එම අමාත්‍යංශය වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටී.
මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් එම්.ඒ.ඩී දීගායු මහතාගේ අත්සනින් එම ලිපිය නිකුත් කර ඇත.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ නිශ්ශංක සේනාධිපති සම්බන්ධ කරමින් ව්‍යාජ ලෙස සකස් කරන කළ ප්‍රවෘත්ති සමාජ මාධ්‍යයේ සංසරණය වනු නිරික්ෂණය වන බවත් අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් තම අමාත්‍යංශයේදී නිශ්ශංක සේනාධිපති මුණ ගැසුණු බව හැඟවෙන ආකාරයෙන් එකී ප්‍රවෘත්තිය නිර්මාණය කර ඇති බවත් අදාල ලිපියේ දැක්වේ.
එය ව්‍යාජ ප්‍රවෘත්තියක් වන අතර කිසිදු අවස්ථාවක ආනන්ද විජේපාල මහතා හෝ ඔහුගේ නියෝජිතයකු නිශ්ශංක සේනාධිපති මුණ ගැසී නොමැති බවද එහෙත් මෙලෙස දිගින් දිගටම ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීම හරහා අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේත් වත්මන් රජයේත් කීර්ති නාමය හා ජනතා විශ්වාසය පළුදු වීම සිදු වන බව නිරීක්ෂණය වන්නේ යැයි ද අදාල ලිපියෙහි සඳහන් වේ.
එම නිසා දිගින් දිගටම සාවද්‍ය ප්‍රවෘත්තීන් සමාජගත වීම හරහා සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා මහජනතාව සතු අයිතිය උල්ලංඝනය වීමක් සිදු වන අතර චේතනාන්විත ලෙස සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම් හරහා සමාජයට අගතිදායී ප්‍රතිඵල ඇති කරන බව තම හැගීම යැයි ද ව්‍යාජ ප්‍රවෘත්ති පිළිබඳව නිසි පරිදි පරීක්ෂණ පවත්වා අවශ්‍ය නෛතික පියවර ගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින්නේ යැයිද අදාල ලිපියේ වැඩිදුරටත් සඳහන් කරයි.

2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
605
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොලිස් ඇමතිගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්
විපරමා Friday, 18 April 2025 07:02 PM
පරාජිත දූෂිත දේශපාලුවන්ට සහ වහලුන්ට කරකියා ගන්න දෙයක් නැතිව බොරු බේගල් සමාජ ගත කරනවා.
PGPThilak Friday, 18 April 2025 07:19 PM
ගින්නක් නැතිව දුමක් නගින්නේ නෑ! මෙයා කොහොමත් මාලිමාවේ ඡන්ද දායකයින්ගේ බලාපොත්තු දියාරු කරමින් ඇඟ බේරාගෙන කාලය කන චරිතයක්..!
මැක්ස් Friday, 18 April 2025 10:00 PM
කළ කළ දේ - පල පල දේ
ගුණරත්න Saturday, 19 April 2025 02:04 PM
මේ ඇමැති ආවාට පස්සේ දැන් කීප වතාවක්ම පොලිසියට පැමිණිලි කරලා තියෙනවා අහවලා බැන්නා කියලා. මොන්ටිසෝරි ළමයෙක් ටීච... අරයා මට ගැහුවා කියනවා වගේ...