
(අංජුල මහික වීරරත්න)
වර්තමාන පොලිස්පතිවරයා හැසිරෙන්නේ රටේ පොලිස්පතිවරයා ලෙස නොව මාලිමාවේ පොලිස්පතිවරයා ලෙස බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.
තම නිලධාරීන්ට මහ පාරේ පහරදෙන මන්ත්‍රීවරුන් සිටින මාලිමා ආණ්ඩුවට කඩේ යන්න පොලිස්පතිවරයාට ලැජ්ජා නැද්දැයි නාමල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.
ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා පොලිස් නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව පැවසූ නාමල් රාජපක්ෂ මහතා තවදුරටත් කියා සිටියේ මෙවැනි ක්‍රියා හරහා පොලිස් නිලධාරීන් ස්වාධීනව තම රාජකාරි ඉටු කිරීමට පසුබට වන බවයි.
වත්මන් ආණ්ඩුවේ ක්‍රියා කලාපය දෙස බලන විට සිස්ටම් එක හොඳටම චේන්ජ් වී ඇති බව පෙනෙන්නට ඇතැයි කී මන්ත්‍රීවරයා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රාජපක්ෂවරුන්ට එදා චෝදනා කළ වත්මන් ආණ්ඩුවේ මන්ත්‍රීවරු අද ගංජා වගා කරන්න තැනට පත්ව ඇතැයි කීය.
මාලිමා ආණ්ඩුවේ මන්ත්‍රීවරයාට අයත් ගංජා වගාවක් වැටලු පොලිස් නිලධාරීන් විවිධ තාඩන පීඩන වලට ලක් කර ඇති බව පවසන නාමල් රාජපක්ෂ මහතා ගංජා හේන වැටලු එක් නිලධාරියෙක් ස්ථාන මාරුකර අනෙක් නිලධාරියාට මහ මඟදී අදාල මන්ත්‍රීවරයා පහර දී තිබෙන බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
433
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස්පති මාලිමා පොලිස්පති වෙලා