IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි

(අංජුල මහික වීරරත්න)

2024 මාර්තු මාසයේ දී පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් රුපියල් මිලියන 19131ක ආදායමක් ඉපයීමට හැකි වූ බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

පොල් සංවර්ධන අධිකාරිය විසින් පොල් ආශ්‍රිත නිෂ්පාදන හා අපනයනය මගින් ලබන ආදායම් පිළිබඳ නිකුත් කරන මාසික වාර්තාවේ මේ බව සඳහන් කර තිබේ.

2024 මාර්තු මාසයේ පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය පිළිබද වාර්තාව පොල් සංවර්ධන අධිකාරියේ සභාපති මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු මහතා විසින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දුන්නේය.

ඒ අනුව 2024 මාර්තු මාසයේ දී උද්‍යාන වගාව සඳහා මෙරටින් අපනයනය කරන ලද කොහුබත් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 38,065කි. එමගින් උපයන ලද ආදායම රුපියල් මිලියන 5725කි. 
2023 මාර්තු මාසය හා සසඳන විට මෙම ප්‍රමාණය සියයට 29ක වර්ධනයක් වේ.

පොල් කටු සක්‍රීය කළ කාබන්  මෙට්‍රික් ටොන් 5,707ක් අපනයනය කිරීම මගින් 2024 මාර්තු මාසයේ උපයා ඇති ආදායම රුපියල් මිලියන 4,430කි. 

පොල් කිරි අපනයනය මගින් පසුගිය මාර්තු මාසයේ දී රුපියල් මිලියන 3122ක මුදලක් උපයා තිබේ. මාර්තු මාසය තුළ අපනයනය කරන ලද පොල් කිරි ප්‍රමාණය මෙට්‍රික් ටොන් 7,059කි. 

දිසිදි පොල් අපනයනය මගින් මාර්තු මාසයේ දී උපයා ඇති ආදායම රුපියල් මිලියන 2,378කි. එම මාසය තුළ අපනයනය කරන ලද දිසිදි පොල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 3592කි. 

පිටි කළ පොල් කිරි අපනයනයෙන්  රුපියල් මිලියන 1587ක් පොල් ක්‍රීම් අපනයනයෙන්   රුපියල් මිලියන 1,390ක්  පොල් තෙල් අපනයනයෙන්  රුපියල් මිලියන 539ක් උපයා තිබේ.



අදහස් (3)

පොල් නිෂ්පාදන මිලියන 19131ක් සොයයි

Shan Thursday, 02 May 2024 01:13 PM

මෙය හොඳ දෙයක් විදේශ විනිමය සම්බන්ධව. නමුත් පිරිසිදු පොල් තෙල් අපනයන කර පාම් තෙල් සහ එළවළු තෙල් ආනනය කිරිම මිනිසුන්ගේ සෞඛ්‍යයට කොපමණ හානිකරද?

:       0       2

ෆස්රුල් ගෆූර් - කටාර් Thursday, 02 May 2024 01:35 PM

මට මතක් වුණා මගේ පාසල් කාලය. එදා අපේ රටේ දේශීය නිෂ්පාදන අතර ප්‍රධාන තැන හිමිවුණේ තේ . පොල් හා රබර්. ලෝක වෙළඳ පොළේ මුල් තැන ලැබුණේ ලංකාවේ තේ වලට. හැබය් දැන් ලෝකයේ වැඩියෙන්ම තේ අපනයන කරන රටවල් අතර අපිට හිමිවන්නේ 3 වන ස්ථානයය් (1, චීනය 2, කෙන්යාව), එමෙන්ම පොල් අපනයනය කරන රටවල් අතුරින් ලෝකයේ 6වන ස්ථානය අපට හිමිවන්නේය. අදුරදර්ශී පාලකයින් නිසා අපට හැම එකක්ම අහිමිවෙලා. මෙලෙස තව තව ගොඩාක් දේ අපට අහිමි වුණා ලෝකයේ සුන්දරම රටක්, ස්වභාවික සම්පත් වලින් පරිපූර්ණ කෘෂිකර්මාන්තය සඳහා අතිශයින්ම සුදුසු පස්, ඛණිජ සම්පත් වලින් පිරුණු අපේ රජවරුන් අපට දයාද කල වැව් අමුණු මේ සියල්ල හිමි අපට වසර 76 ක්ම නිහතමානී දේශප්‍රේමි, උගත් , බුද්ධිමත් හා අවංක පාලකයන් පත්කිරීමට නොහැකි විමේ ඵලවිපාක තමා සුන්දර මාතෘභූමියේ විනාශයට මූලික හේතුව

:       0       1

Janaka Friday, 03 May 2024 07:29 AM

මණ්ඩලේ ලොකුවට කියනවා ආදායම ගැන .පොල් පැලයක් හදාගන්න විදින දුක දන්නේ අපි.අලුත් වගාවේ පැල ගස් 49 ක් කුරුමිණි හානිය නිසා විනාශයි.මණ්ඩලයට කීවට ප්‍රතිචාරය බිංදුවයි .හරි ලොකුවට ආදයාම ගැන පම්පෝරි ගහනවා .මාසේ අන්තිමේ පඩිය විතරයි මෙයාලට ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකන් තර්ජනයට ඉන්දියාව පිළිතුරු දෙයි
2024 මැයි මස 17 487 0

ඉරානය සමඟ ආර්ථික සබඳතා පවත්වන රටවලට සම්බාධක පනවන බවට ඇමෙරිකාව කළ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රතිචාර දැක්වීය.


සරණාගතයකු වූ එලංගෝ එලවලකන් නගරාධිපති ධුරයට
2024 මැයි මස 17 406 1

ශ්‍රී ලංකාවේ සිට පැමිණ එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා ගත් එලංගෝ එලවලකන් මහතා ඉප්ස්විච් නගරයේ නගරාධිපති තනතුරට පත්වූවේය. ඉප්ස්විච් නගර සභා වාර්ෂික ර


ඇල්ල වැල්ලවාය මාර්ගය යළි විවෘත කරයි
2024 මැයි මස 17 267 0

නායයාමේ අවදානම් තත්ත්වයන් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ ඇල්ල වැල්ලවාය මාර්ගය අද (17) උදෑසන සිට යළි විවෘත කළ බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍


ඩයනා අමාත්‍යංශ වාහන හතරක් ගෙදර තියාගෙන
2024 මැයි මස 17 1540 2

ඩයනා ගමගේ මහත්මිය, සංචාරක රාජ්‍ය ඇමතිනිය ලෙස කටයුතු කරද්දී ලබා දී තිබූ වාහන හතරක් තවමත් භාර දී නැතැයි වාර්තාවේ.


වැස්ස වර්ධනය වේ
2024 මැයි මස 17 365 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධණය වෙමින් පවතින අතර - මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් වර්ධණය වේ.


නිලාවේලි වෙරළේ යාත්‍රාවකට ගිනි තියලා
2024 මැයි මස 17 326 0

නිලාවේලි වෙරලේ නවතා තිබු පරෙවි දූපතට සංචාරකයන් ප්‍රවාහන කරන යාත්‍රාවකට කිසියම් පිරිසක් ගිනිතබා ඇතැයි කුච්චවේලි පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 744 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2280 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1963 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site