(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ පොඩිමැණිකේ දුම්රිය අද (11) බදුල්ල හාලිඇල දුම්රිය ස්ථාන අතර 178 සැතපුම් කණුව අසල දී පිලීපැනීමට ලක්වීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය ට බාධා සිදුව ඇතයි දුම්රිය පාලන මැදිරිය පවසයි .
බදුල්ල සිට පෙරවරු 8.50ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රියෙ භෝජන රථය මෙසේ පිලීපැනීමට ලක්ව තිබේ.
මේනිසාවෙන් බදුල්ල සිට පෙරවරු 10.20ට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව ඇති විශේෂ සීඝ්‍රගාමී දුම්රිය , බදුල්ල සිට පෙරවරු 11.45 ට මහනුවර බලා ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇති භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය අද (11) දිනයේ ප්‍රමාද වී ධාවනය වීමට නියමිතව ඇති බවත් , පිලීපැනීමට ලක්ව ඇති දුම්රියේ භෝජන රථ මැදිරිය පිළීගත කිරිමට බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කංඩායමක් පිටව ගොස් ඇති බවද දුම්රිය පාලන මැදිරිය වැඩිදුරටත් සදහන් කලේය .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
පොඩි මැණිකේ පීලි පනී