IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පුවත්පත් ආයතනයෙන් මාධ්‍ය එකමුතුවක්


 
බිඟුන් මේනක ගමගේ          

                     
තොරතුරු දැනගැනීමේ පනත මූලාශ්‍ර කරගන්නා ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුවක් බිහිකිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය කටයුතු කරමින් සිටියි.


තොරතුරු දැනගැනීමේ පනත ජනමාධ්‍ය සමාජයේ ප්‍රචලිත කිරීමේ හා ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය දියුණු කිරීමේ මූලික අරමුණෙන් මෙම එකමුතුව නිර්මාණය කිරීමට කටයුතු කරන්නේ යැයි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ විධායක අධ්‍යක්ෂ කුමාර් ලෝපෙස් මහතා පවසයි .


ඒ අනුව සෑම මසකම දෙවැනි බ්‍රහස්පතින්දා දිනයේ දී මෙම ජනමාධ්‍ය එකමුතුව රැස් වන අතර තොරතුරු දැනගැනීමේ පනත භාවිතයට ගන්නා හා එය අභ්‍යාසයට කැමති ජනමාධ්‍යවේදීන්ට මෙම අවස්ථාවට සහභාගී විය හැකි යැයි ද ලෝපෙස් මහතා කියයි.


තොරතුරු දැනගැනීමේ පනත දියුණු රටවලදී භාවිතයට ගන්නා ක්‍රමවේද ඇසුරෙන්  ජනමාධ්‍යවේදීන්ගේ ජාලගත සන්නිවේදනය දියුණු කිරීමට හා තොරතුරු පහසුවෙන් ලබාගනිමින් තොරතුරු හෙළිදරව් කිරීමේ සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට එහිදී වැඩි අවධානයක් යොමු කරන්නේ යැයි කුමාර් ලෝපෙස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (0)

පුවත්පත් ආයතනයෙන් මාධ්‍ය එකමුතුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 585 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 287 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site