(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන ආයතන තුනක බලය තවමත් පිහිටුවීමට හැකිවී නැතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න මහතා පැවසීය.
ආනමඩුව, වනාතවිල්ලුව හා සීතාවක එම පළාත් පාලන ආයතන බවද ඔහු කීය.
අධිකරණමය කටයුතු සහ වෙනත් විවිධ තීරණ හේතුවෙන් මෙම සභා පිහිටුවීම මෙසේ කල් ගොස් ඇත.
කෙසේ වෙතත් පළාත් පාලන ආයතන අතුරින් සියයට 99කම බලය මේ වනවිට පිහිටුවා අවසන් බව පැවසූ අමාත්‍යවරයා එම සභා සියල්ලම සිය කටයුතු ආරම්භ කර සාර්ථක ලෙස කරගෙන යන බවද සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 339 ක් (මහ නගර සභා 18ක් නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275 ක්) සඳහා නියෝජිතයන් අටදාහක් තෝරා ගැනීම සඳහා පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පසුගිය මැයි මස 6 වැනිදා පැවැත්විණ.
මෙම මැතිවරණය පවත්වා අදට මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පුංචි සභා තුනක් තාම කොටඋඩ