IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පුංචි ඡන්දය ජනවාරියේ

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව ප්‍රකාශ කළ අාකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේදී පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වූ හෙයින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා කටයුතු සූදානම් කිරීමට දින හතළිහක පමණ කාලයක් අවශ්‍ය වන බවද ඔහු ප්‍රකාශ කළේය.

පළාත් පාලන  මැතිවරණය අලුත්ම මැතිවරණයක් මෙන් නොව වෙනස්කම් ගණනාවකට භාජනයවූ එකක් බවද හෙතෙම  සඳහන් කළේය.

රජය  ප්‍රකාශ කළ ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරියේ හෝ පෙබරවාරියේ පැවැත්වීමට හැකියාව තිබෙන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුගිය ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට යොදාගත් නිලධාරීන් එම මැතිවරණයටද යොදා ගත හැකි බව ප්‍රකාශ කළේය.

මේ අතර පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුල් කාලසීමාවේදී පැවැත්වීමට කටයුතු කරන බව ආණ්ඩුව පසුගියදා නිවේදනය කළේය .



අදහස් (3)

පුංචි ඡන්දය ජනවාරියේ

Raani Tuesday, 03 December 2024 03:34 AM

ඉක්මනටම තියන එක හොඳයි .පරක්කු උනොත් හෙලුවල්ලෙන් කඩේ යන ජෙබයියන්ටත් මොලේ පෑදෙන්න ඉඩ තියනවා

:       7       7

Venrix Tuesday, 03 December 2024 12:23 PM

ජෙබයියන්ට මොළේ පෑදෙන්න කලින් මැතිවරණ ටික තියලා දිනා ගන්න හදන්නේ කාලකණ්ණි ජෙප්පෝ

:       2       1

රුවන් Tuesday, 03 December 2024 02:51 PM

ලංකාවේ ගොඩක් පක්ෂවලටම කඩේ යන මෝඩ වහල්ලු ඉන්නේ, මමනම් කියන්නේ නගර සභාව වලට පමණක් ඡන්ද තියන්න කියලා. මොකද පුංචි ඡන්දය ඇත්තටම ප්‍රයෝගික නෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 503 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 261 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site