
(සුජිත් හේවාජුලිගේ )
වෙනත් රටවල පුද්ගලයන් මෙරටදී නිරෝධායනයට ලක් කළ කියන මධ්‍යස්ථාන අත්හිටුවීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇත.
වෙනත් රටවල පුද්ගලයන් මෙරට දී නිරෝධායනයට ලක්කර මුදල් ඉපයීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද (4)චෝදනා කළේය .
මේ අතර ඉන්දියාවෙන් පුද්ගලයන් මෙරටට ඇතුළුවීමේ උත්සාහයක් පවතින හෙයින් එය වැළැක්වීම සඳහා රජය උතුරු මුහුදේ නාවික ආරක්ෂාව දැඩි කළ බව නාවික හමුදා මූලස්ථානය පවසයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවද මේ සම්බන්ධයෙන් සෙවිල්ලෙන් පසුවන බව එහි ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
ඉතා හොඳ වැඩක්
නිකන් විකාර කියවන්නේ නැතිව ඉන්දියාව සමග තිඛෙන ගුවන් සම්බන්ධතාව අනෙක් රටවල් කළා මෙන් තාවකාලිකව නතර කරන්න. එතකොට ප්‍රශ්නය නිකන්ම විසදෙනවා.