IMG-LOGO

2025 දෙසැම්බර් මස 03 වන බදාදා


පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න

(අංජුල මහික වීරරත්න)

පැලවත්තෙන් බලය ඉවත් කර නැවත පාර්ලිමේන්තුවට බලය පැවරීම සඳහා ජනාධිපතිවරයා වහා ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂ නායකයින් සහ නියෝජිතයින් අමතමින් අද(3) ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා පක්ෂ නායකයන් කැඳවා වහා එම තීරණය ගත යුතුව තිබෙන්නේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් වර්තමානයේ රාජ්‍ය බලය ක්‍රියාත්මක කරනු ලබන බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ජනාධිපති සහ අගමැති කාර්යාල වල ආපදා මෙහෙයුම් මධ්‍යස්ථාන නැතැයි කී හිටපු ජනාධිපතිවරයා පැලවත්තේ ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානය ප්‍රධාන ආපදා මෙහෙයුම් කාර්යාලය බවට පත් වී ඇතැයි ද කීය. රට මුහුණ දී සිටින ආපදා තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින් සමඟ පැවැති මෙම සාකච්ඡාව කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි.

 



අදහස් (18)

පැලවත්තට පවරාගෙන ඇති බලය පාර්ලිමේන්තුවට දෙන්න

Don perea Wednesday, 03 December 2025 06:19 PM

හරියටම හරි....

:       55       21

AsinthaWednesday, 03 December 2025 08:00 PM

කන්නේ බත්ද නැත්නම් පුන්නක්කුද?

:       10       23

වින්සන්ට් කජ්ජා Wednesday, 03 December 2025 06:23 PM

බටලන්දට පවරා ගත්තේ මිනිස්සුන්ගේ ජීවිත ගැන තීරණය කරන එක. ඒක ගැන තවම කවුරුවත් හරියට කතා නෑ. රටේ මිනිස්සුන්ගේ සල්ලිවලින් සවාරි ගහපු අයිතියට නම් ලඟදීම හම්බවෙයි.

:       20       59

පුරවැසියා Wednesday, 03 December 2025 06:24 PM

තනි ධමනි බහිරවයා...

:       17       44

nipuna Wednesday, 03 December 2025 06:26 PM

දැන් නම් මෙතුමාගේ මොළේට යන නහරත් අවහිර වෙලා වගේ. මෙයා ප්‍රවෘත්ති බලන්නෙ නැද්ද?

:       15       45

saman Wednesday, 03 December 2025 06:32 PM

මොනවද මේ දොඩවන්නේ...?

:       15       42

Rata Perata Wednesday, 03 December 2025 06:36 PM

තීරණවලට පයින් ගහපු කෙනෙක් මේ කතා කියන්නේ. මේ වගේ වයසක සීයා කට වහගෙන ඉන්නවා නම් හොදයි. අනිත් එක ධමනි 3ක් වැඩ නෑ කියලා අධිකරණය නොමග යැව්වාට දඩුවම් විදින්න බලාගෙන ඉන්න.

:       11       39

sachith Wednesday, 03 December 2025 06:41 PM

පිළිගන්න තිබ්බ වෙන කවුරු හරි කීවා නම්.. ගරු අධිකරණයෙන් රටේ ව්‍යවයස්ථාව උල්ලංඝනය කරා කියලා අච්චු කරපු එකෙන් නොවුණා නම්...

:       11       34

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Wednesday, 03 December 2025 06:50 PM

හත්වලාමයි, මුන්දෑ තාමත් ජීවතුන් අතරද? අපි උන්නේ ගං වතුරට මුන්දැගේ වැල් පාලමත් එක්කම ගහගෙන ගොහිං කියලා නොවැ.

:       8       21

Pradeep Wednesday, 03 December 2025 06:54 PM

දැන් මොලේත් විකාර වෙලා... තනි ධමනියෙන් දුවන හින්දා වෙන්න ඇති... කොහේවත් නැති විකාර කියවනවා.

:       8       24

පිස්සු යකෙක් Wednesday, 03 December 2025 06:57 PM

අපි පොඩිකාලේ ඉදලා මේකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ඇමැති අගමැති ජනාධිපති වෙලා කොරගන්න බැරිව හොම්බ බිම ඇනිලා දැන් එනවා උපදෙස් දෙන්න. තොපි කරපුවා තමා මේ අපි පොලිත් එක්ක ගෙවන්නේ... දැන් වත් වෙන කෙනෙකුට දීලා පැත්තට වෙලා හිටියොත් හිරේ යද්දී හරි මිනිස්සු දුකක් වේවි...

:       10       26

කපුරුහාමි Wednesday, 03 December 2025 06:59 PM

මාරාන්තික ලෙඩ රෝග කන්දරාවක් තියෙන, ධමනි වැඩ කරන්නෙත් නෑ කියලානේ කිව්වේ...? විපක්ෂයේ දූෂිත දේශපාලුවන්ගේ ජඩ හැසිරීම ගැන අපි දැක්කා.. බලය නැතුව ඔහොම නම් ඔවුන්ට බලය දුන්නා නම් කොහොම ඉදීවිද?

:       7       24

පිටිගල මිලානෝ Wednesday, 03 December 2025 07:00 PM

අනුර දැනටමත් ඉන්නේ හරි පාරේ… රට ගොඩ ගත්තොත් මුන්ට ආයේ දේශපාලනය කිරීමට හිතන්න වත් බෑ. මුන්ට ඕනේ කොහොම හරි සියළුම අය කූඩාරම් වලට ගාල් කරලා නැවත චන්දයක් එනතුරු තියා ගන්න.

:       9       22

m. saman perera Wednesday, 03 December 2025 07:34 PM

රට සෙල්ලමට අරන් රට කාපු හැතිකරයෙන් කෙනෙක්...

:       5       15

මාලිමා පෙන්දා Wednesday, 03 December 2025 07:34 PM

මේවගේ පැන පැන කාටත් ගරහන්නේ කවුද කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. පළපුරුදු, මුහුකුරා ගිය ඕනෑම කෙනෙකුට ගැරැහීම ඔවුනගේ න්‍යායයි. කිසිම වෙනත් අදහසක් දරා ගැනීමට තරම් ඔවුන්ට පුළුල් මානසිකත්වයක් නැත. අමුතුම මාන්නයකින් පෙළෙන් , අසංවර සහ ගැටෙන්නටම මාන බලන මේ සුළුතරය කිසිදාක යහ මගට ගත නොහැක. ඔවුන්ගේ මොළයේ ලිම්බික් පද්ධතිය විනාශ වී හමාරයි...

:       14       7

ගමේ එකාලා Wednesday, 03 December 2025 07:35 PM

තමුන්ටවත් හරියට වැඩක් කරගන්න බැරිව ජනතා මුදල් කාබාසිනියා කරමින් උපදේසකයෝ තිස් ගාණක් තියාගෙන හිටපු පින් ජනපතියා. 2048 රට ගොඩදාන්ඩ හිතාගෙන හිටියේ? තමුන්ගේ උපදෙස් වලින් නම් වැඩක්ම නැහැ.

:       4       15

පුතනෝ Wednesday, 03 December 2025 07:36 PM

රනිල් බලන්න උඩ තියෙන කමෙන්ට්ස්. ලැජ්ජාවක් තියෙනවා නම් කට වහගෙන ඉන්නකෝ වද නොදී.

:       5       16

Wijepala Wednesday, 03 December 2025 08:24 PM

කමෙන්ට්ස් බැලුවා නම් දැනට තියෙනවාලු කියන සතර අපායන්ට අමතරව ලංකාවේ එවුන්ටම තවත් අපායන් හතරක්ම හදන්නට සිදුවෙනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6112 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 313 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 340 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1272 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site