(යොහාන් භාසුර)
විදේශ ගමන් බලපත්‍රය ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ මාර්ගගත ක්‍රමය නැවත ආරම්භ කර අනිද්දා (6) සිට ක්‍රියාත්මක වන බවත් එම ක්‍රමය තුළින් ලබන දෙසැම්බර් මස මුල දින සිට ලබාගත හැකි බවත් වැඩබලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය මහත්මිය අද (4) පැවසුවාය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ වම් පස ඇති දිනයක් වෙන්කිරීමේ සබැදියාවට පිවිස එහි පද්ධතියට ඇතුළු වී ජාතික හැදුනුම්පත් අංකය යොදා දිනයක් සහ වේලාවක් වෙන්කරගත හැකි බව ද බාලසූරිය මහත්මිය සඳහන් කළාය.
විදේශ ගමන් බලපත්‍රය හදිසි පුද්ගලයෙක් වුවද මෙම ක්‍රමයට දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන බත්තරමුල්ලට පැමිණ අදාල ලියවිලි ඉදිරිපත් කළ යුතු බවත් විදෙශ ගමන් බලපත්‍රය හදිසි පුද්ගලයන්ගේ ප්‍රමුඛතාව පරීක්‍ෂා කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් ඇය කීවාය.
මෙම මාසයට අදාල ඉදිරි දින මේ වන විටත් ජනතාවට දී ඇති බව කී නිලූෂා බාලසූරිය මහත්මිය විදේශ ගමන් බලපත්‍ර ගැනීමට ඇති දිගු පෝලිම නැති කිරීමට මෙම ක්‍රමය නැවත හදුන්වාදුන් බව ද සඳහන් කළාය.
මෙම ක්‍රමයට යටතේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සෙසු ප්‍රාදේශීය කාර්යාලවලින් දිනකට එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1,200 ක් නිකුත් කරන බව කී ඇය 1919 (රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය) සහ 1962 (ආගමන විගමන දෙපාර්තමේන්තු) යන ක්‍ෂණික දුරකථනවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු විමසිය හැකි බව ද පැවසුවාය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට හිස් විදේශ ගමන් බලපත්‍ර පොත් 33,000 ක් පමණ ඇති බවත් තවත් පොත් 750,000 ක් මේ මස අග වන විට ලැබීමට නියමිත බවත් ඇය කීවාය.
ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ පසුගිය කාලයේ සිදුවූ කටයුතු පිළිබඳව වෝහාරික විගණනයක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් එහි ප්‍රතිඵලය අනුව ආගමන විගනම දෙපාර්තමේන්තුව වර්තමානයේ ඇඳවැටී ඇති තත්වයට වගකිවයුත්තන් හදුනාගත හැකි බවත් වැඩබලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.
නිලූෂා බාලසූරිය මහත්මිය මෙහිදී ඇතැම් කරුණු ප්‍රකාශ කිරීමට නොහැකි යැයි පැවසීමත් සමඟ ඇයට මාධ්‍යවේදීන්ගෙන් විරෝධය එල්ල වූහ. මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය හමුවේ පිළිතුරු නොමැතිව සිටි ඇය අසම්පූර්ණ කරුණු මාධ්‍ය වෙත පැවසුවාය.
ඇය ඉන් පසුව එම මාධ්‍ය හමුව විදේශ ගමන් බලපත්‍ර ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කිරීම සම්න්ධයෙන් පමණක් දැනුවත් කිරීමට සංවිධානය කළ එක්ක යැයි පවසමින් මාධ්‍ය හමුව අවසන් කළාය.
(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)
බාර් පර්මිට් ලයිස්තුව අද හවසට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැ
ලබන වසරේදී සංචාරක පැමිණීම මිලියන තුන දක්වා වැඩි කරගන්න සැලසුම් කර තිබෙන අතර ඒ හරහා ඩොලර් බිලියන පහක ආදායමක් අපේක්ෂා කරන බවසංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුව
මේ ආණ්ඩුවේ ගජ මිතුරු දේශපාලනය නෑ කිව්වාට කැලණිය සරසවියේ,ජපුර සරසවියේ මිතුරන් ලේකම්වරු බවට පත්කර තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේ
උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය වාර්තා කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්
මාගාල්ල ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ දි ගාල්ල සිට බෙලිඅත්ත බලාධාවනය වෙමින් තිබු දුම්රියක කාර්රථයක් ගැටිමෙන් කාර්රථයේ ගම
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබේ.
බලශක්ති ක්ෂේත්රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
පාස්පෝට් ගන්න නැවතත් දිනයක් - වේලාවක්
don Monday, 04 November 2024 07:48 PM
ඊ මේල් ලිපිනයක් නැති අයට මොකද වෙන්නේ? මගේ හැඳුනුම්පතේ අකුරු පේන්නේ නෑ. රියදුරු බලපත වලංගු නැද්ද හැඳුනුම්පත වෙනුවට... අන්තර්ජාල සම්බන්ධතා නැති දුරකථන තියන අයට මොකද වෙන්නේ...? අනේ මන්දා ඔක්කොම අංජබජල්...!
අරවින්ද මොනරවිල Monday, 04 November 2024 09:24 PM
අනිවාර්යයෙන්ම, මිනිස්සු පාරේ රස්තියාදු නොකර පිළිවෙලකට වැඩේ කරන්න. ඉතුරු පාස්පෝට් ටිකත් ලැබෙන තුරු....
Lalla Tuesday, 05 November 2024 07:53 AM
දෙපාර්තමේන්තුවේ අති දූෂිත පරිගණක අංශය හරහා සිදුකරන කිසිම ක්‍රියාවක් සාධාරණ නෑ. අනික ඔවුන් යැපෙන්නේ සේවා සපයන සමාගම්වල සේවකයින් මත. කිසිම දෙයක් තනිව කල නොහැකිය..
ගුණරත්න Tuesday, 05 November 2024 10:47 AM
එක හොඳයි, හොඳ දෙයක්. ඒ පොරොත්තු ලේඛන අංකය සමඟ මිනිස්සුන්ට චෙක් ලිස්ට් එකක් දෙන්න මේ අවශ්‍යතා සම්පූර්ණ කරගෙනම කාර්යාලයට එන්න කියලා, එතකොට මිනිස්සු රස්තියාදු වෙන එක තව අඩු වේවි.
අමල් Tuesday, 05 November 2024 12:55 PM
දෙසැම්බර් වෙනකම් පාස්පෝර්ට් කන්තෝරුවේ ටෝකන් ඉවරවෙලා ! හදිස්සියක් නැත්නම් පාස්පෝර්ට් දෙන එක තහනම් ! මේ විදිහට ගියොත් ගං වතුර කාලෙට, මුන්ගේ වැසිකිලි කටවල් උතුරනවා කියලා, ටොයිලට් යන එකත් තහනම් කරයි !