
(නිමල කොඩිතුවක්කු)
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය සම්පුර්ණ සහාය අනුර දිසානායක ජනාධිපතිවරයාට ලබාදිමට සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජන සන්ධාන කණ්ඩායම සුදානම් බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.
සමගි ජන සන්ධාන ප්‍රධාන කාර්යාලයේදී අද (7) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා එහිදී තවදුරටත් මෙසේද කීවේය.
“අපේ රටේ සිදුවුණ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්වවලට තවම සාධරණයක් ඉටුවි නෑ. ඒ වගේම වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා කටුවාපිටිය පල්ලියට ගොස් පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිස සමඟ සාකච්ඡා කළා. පාස්කු ප්‍රහාරය සහ පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිස පිළිබඳව විශේෂ අවධානයක් ජනාධිපතිවරයා යොමු කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. රටේ ජනාධිපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත්වුණානම් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයන්න විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කරලා තිබුණා. ජාත්‍යන්තර සහාය ලබාගෙන පාස්කු ප්‍රහාරය පිළීබඳ පරීක්ෂණ ශක්තිමත් කරන්න තමයි අපි බලාපොරොත්තුවෙන් සිටියේ. එම වැඩසටහන පිළිබඳව අපි කාදිනල් හිමියන්ටත් දැනුම් දිලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා හැකි ඉක්මනින් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වුණ පිරිසට සාධාරණයක් ඉටු කරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාකරන කෙනා නිලතල දරපු ආණ්‌ඩුවක පාලන කාලෙකදී නේද මේක වුනේ? දැන් මේ හදිස්සිය ඇයි? ඒ කාලේ චුයින්ගම් හප හප ඉඳලා දැන් මොකද මේ? අලුතෙන් ලාබෙට කොන්දක්වත් අරගෙනද?
පාස්කු ප්‍රහාරය විතරද හොයන්න ඕනෑ? ඇයි LTTE එකෙන් මරපු සමූල ඝාතනය කරපු මිනිස්සු ගැන හොයන්න ඕනේ නැතිද? ඒවා කතාකරන්න කවුරුවත් නෑ.
හීනෙන් ටොපි කකා ඉඳලා නින්දෙන් ඇහැරිලා යුක්තිය ඉල්ලන මේ පුතාට තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි.
කණගාටුවට කාරණය සජබෙ දේශපාලනය හිතන්නේ මිනිසුන් තාමත් ඒ අයගේ කතාවලට අහුම්කන් දෙනවා කියලා හිතන්නේ...!
දැනට පාර්ශව ගණනාවක් මුදලින් වන්දි ගෙවා තිබෙනවා. නමුත් තවම මහ මොලකරුවා අල්ලලා නෑ. අල්ලන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ. ඒත් එදා කළ කිසිම පරීක්ෂණයකට සහභාගි නොවූ නිලධාරින්ව ගෙන්වලා අලුත් පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම ප්‍රහාරක කණ්ඩායමට අරමුදල් සැපයූ, තම පුතාලා දෙන්නා සහ ලේලිව ප්‍රහාරකයින් ලෙස සහභාගී කරවූ යම් දේශපාලන පක්ෂයක ජාතික ලැයිස්තුවේ හිටපු කෝටිපති ව්‍යාපාරිකයා ගැනත් හොයන්න ඕනේ...
ඒක වෙන බව පේනවනේද?, ඒක නිසා ඔය දන්න තොරතුරු සහ වැඩ පිළිවෙල අදාල අයට කියල ඒකට සහාය දෙන්න. ඕක තව කාටවත් මැතිවරණ තුරුම්පුවක් වෙන්න ඉඩ නොදී. ඒ වගේම ප්‍රභූ ආරක්ෂකයන් දැනසිටියා කියල වින්දිතයෙක් එල්ල කල චෝදනාවට පිළිතුරු දෙන්න කියන්න
නින්දෙන් ඇහැරුනාද? මිනිස්සු ඕවාට රැවටුන කාලේ ගියා
නිකම් විකාර කතාකරන්න එපා මිනිහෝ , අවුරුදු පහක් කට වහගෙන හිටි ඔය මිනිස්සු අලුත් ආණ්ඩුව ඇවිත් මාසයක් වත් ගිය නැහැ. හැකි ඉක්මනින් වින්දිතයන්ට සාදාරණ ඉෂ්ට කරන ලෙස කියමින් පත්තරේ නම දාගන්න හදිසි වෙන්න තරම් ප්‍රශ්නය විසදීමට හිතක් නැති මිනිස්සු.
මෙච්චර අවුරුදු ගාණක් දඬුවම් නොදී හිටියේ අනුරද?
ඡන්දෙ පරදින බව හොඳටම ෂුවර් නිසා මේ මිනිහා ගම්පහ දිස්ත්‍රික්කය පුරාම නාමයෝජනා දෙන්ඩත් කලින් පෝස්ටර් ගැහුවා. පාස්කු ප්‍රහාරය ගැන වගේ වගක් නැතුව අවුරුදු ගාණක් කට හා අධෝමුඛය තදට වහගෙන හිටපු මුන්නැහේ ඡන්ද භීතිකාව නිසා ව්‍යංගයෙන් කරන්නේ නව රජයට අභියෝගයක් බව ඕනම නොදරුවෙකුට වුණත් තේරුම්ගත හැකි බව වටහා ගන්න මුන්දට මොළයක් නෑ. මෙච්චර කල් අනුරට බෑ කිය කිය හිටපු මෙයා දැං කියන කරන දේවල් වලින් පේන්නේ මුං අනුරට කොච්චර බය වෙලාද ඉන්නේ කියන එක මිසක් වෙන අහවල් දෙයක්ද ?
ඔහෙලත් දැනගෙන උන්නානේ ඕක වෙනවා කියලා . ඒත් මිනිස්සුන්ට කීවේ නැහැනේ.
මමනම් දකින්නෙ ජනපති පල්ලියට ගියෙ මහ ඡන්දෙ ලග නිසා කතොලික ජනතාවගේ හිත් දිනගන්න මිස වැඩ පිලිවක් කතාකරන්නත් නෙමෙයි එහෙම වැඩපිලිවෙලක් කතාකරෙත් නැහැ !
කියනකල් තමයි හිටියේ දැන්ද නින්දෙන් ඇහැරුනේ
මෙච්චර කල් මිනිසුන් රවට්ටමින් බලය ලබාගෙන තමන්ගේ පවුලේ උදවිය එක්ක ජිවිතය ගොඩ දාපු දේශපාලකයින් බලයේ සිටින කාලයේ කවදාවත් ඔවුන්ගේම සහෝදර ජනතාවට කල ඒ ම්ලේච්ච ප්‍රහාරය වෙනුවෙන් අගතියට පත් අහිංසක සහෝදර කතෝලික ජනතාව වෙනුවෙන් කිසිස්වක් නොකර මැතිවරණයක් ලංවෙද්දි ආයෙත් ගොඩයන්න ක්‍රමයක් හොයනවා.
ඔයා කලබල වෙන්න එපා. ඒක නියම වෙලාවට කරයි.
නිකන් පිනට කහින්නෙ නැතුව ඉන්න හර්ෂණ ...ඔයා රනිල්ට ගොන් ගෝටට දුන්නෙ නැති ටෝක් දැන් දෙන්නෙ නැතුව..ඔහෙලට දැන් තමයි ඔක්කොම අමාරු තදවෙලා තියෙන්නෙ...