(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොල්ලූපිටියේදී අද පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
නීතිපතිවරයාගේ උපදෙස් අනුව ඔහු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යපොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
1978 ත‍්‍රස්වාදය වැළැක්වීමේ පනත, ලංකා දණ්ඩ නිති සංග‍්‍රහය සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන ජාත්‍යන්තර සම්මුති පනත ප‍්‍රකාරව මොහු වරදක් සිදුකර ඇති බැවින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙසට නිතිපතිවරයාගෙන් ලද උපදෙස් ප‍්‍රකාරව අසාද් සාලි මහතා අත්අඩංගුවට ගත් බව ඔහු සදහන් කළේය.
අත්අඩංගුවට ගත් අසාද් සාලි ත්‍රස්තවාදය පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව අජිත් රෝහණ මහතා කීය. අසාද් සලි මහතා රටේ නීතිය සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සිදු කළ ප්‍රකාශයට සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම පරීක්ෂණයක් සිදු කරයි.
ජාතික සමගි පෙරමුණේ නායක හා බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලි අත් අඩංගුවට කොළඹ අපරාධ කෝට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
වැඩි විස්තර පසුව
COMMENTS
අලුත්ම අලුත් නාටකයක ආරම්භය.., ප්‍රධාන නළුවා අසාද් සාලි... 69 ලක්ෂය නාටකය නැරඹීමට දැනටමත් පෝලිමේ..
නාඩගම්කාරයෝ..
සාලි කුමන දේශපාලන පක්ෂයකට අයත් දැයි අප හට වීමසා බලා ලිවීමට වුවමනාවක් නැත. සාලි මේ ප්‍රකාශය අරාබි රටක සිදුකළා නම්, මෙලහකටත් බෙල්ල බිම. සාලිලාට ඕනෑ විදිහට මේ රටේ නීතිය ක්‍රියාකළ යුතු නැහැ. ෂරියා නීතිය වැනි දේ ක්‍රියාවට නැංවීමට නම්, ඔවුන් අරාබි ලෝකයට යායුතුය. එහෙත්, සාලිගේ මේ නොමනා ක්‍රියාව අල්ලාගෙන පටු දේශපාලන වාසි ලැබීමට කවුරුන් හෝ වෙර දරන්නේ නම් එය වරදකි. හුඟ දෙනෙකුට වෙන්නේ, නිකං ඇඟේ හයියට, ඡන්ද දායකයා ඉදිරියේ සෝබන වීරයෙකු වීමට දඟලන සමහර දෙනා කියනා දේවල් එතරම් වගකීමක් නොමැතිව කටට ආ පලියට කීම නිසා මෙවැනි තත්වයන් ඇතිවේ...
අවුරුදු දෙකක් ගියාට පස්සෙද මතක් වුනේ පාස්කු ප්‍රහාරයට අත්අඩංගුවට ගන්න..
ජනවර්ගයක පැවැත්ම තහවුරු වෙන්නේ ජනගහනයෙන් සහ ආර්ථික ශක්තියෙන්. මේ සත්‍ය ස්වාමීන් වහන්සේලාට නොතේරෙන්නේ ඇයි?
සාලිට වැඩිය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අය වෙන නැතුවයැ. මේවා කවුරු නමුත් හොඳට සැලසුම් කරලා කරපු වැඩ?
මෙය රඟපෑමක් පමණි. අවසානයේ කිසිවක් සිදු නොවනු ඇත. මන්දයත් මේ අත්අඩංගුවට ගැනීම පාස්කු කොමිසමේ නිර්දේශ මත සිදුවුණා විය නොහැක. මෙහි දක්වා ඇති හේතු නීතිය ඉදිරියේ සනාථ කළ නොහැකිය...
ස්විස් රටේ බුර්කාව තහනම් කළා ජනමතයෙන්.
මෙයාද ‘‘ මහ මොලකරු‘‘? නිකන් නාඩගම් මේවා...!!!
මේකද අලුත්ම නාටකය..? මෙව්වාට අහුවෙන්න එපා.. සාලිව ගන්න කලින් ගන්න තව සිංහල සහ මුස්ලිම් කට්ටිය ඉන්නවා. මේක පොඩි කොන්ත්‍රාත් එකක් වෙන්න පුළුවන්... බලාගෙන ඉම්මු.. ගොනා කවන්න හදන්නේ, පොල් කොළද, කෙසෙල් කොළද කියලා...
එතකොට සාලිද පාස්කු ප්‍රහාරය කළේ..? මාර වැඩේ ලංකාවට වුණේ..