IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


පාසල් මුරකරුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැලකුණු දුම්රිය අනතුර

(ජනුර් කිචිලාන්)

කුරුණෑගල මුත්තෙට්ටුගල දුම්රිය ස්ථානය අසල කුරුණෑගල දුම්රිය හරස් මාර්ගය ආවහිර වන අයුරින් දැව පටවාගත් විශාල ලොරියක් දුම්රිය ධාවනය අවහිර වන පරිදි  මාර්ගයේ එරී තිබීම හේතුවෙන් සිදුවිමට ගිය විශාල දුම්රිය අනතුරක් වලක්වාගැනිීමට දුම්රිය මාර්ගය අසල සිටි පුද්ගලයෙක් කටයුතු කළේය.

මොරටුව දක්වා දැව රැගෙන යන ලොරියක් දුම්රිය මාර්ගය හරස්වන පරිදි එරී ඇති අතර  එය දුටු හැඟව පාසලේ මුරකරු වූ අජිත් කීර්ති වික්‍රමසිංහ මහතා ඒ වන විට මන්නාරම සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රිය පැමිණෙන බව දැනගෙන  දුම්රිය මාර්ගය ඔස්සේ ඉදිරියට දිව ගොස් ඉදිරියෙන් එන දුම්රියට ඉදිරියෙන් අනතුරක් බව දුම්රිය රියැදුරට දැනුම් දී ඇත.

දුම්රිය රියැදුරා වහා ක්‍රියාත්මකව ඉදිරියට එන පුද්ගයා දුම්රියට පැනීමට එන්නේ දැයි සැකසිතී දුම්රියේ වේගය තරමක් අඩු කර ඇත. දුම්රිය එම පුද්ගලයාට ළඟාවත් ඔහු දුම්රිය මාර්ගයෙන් ඉවතට පැණිම නිසා ඉදිරියේ අනතුරක් බවට වටහා ගත් දුම්රිය රියැදුරා  දුම්රිය රියැදුරා ලොරි රථය එරි තිබූ ස්ථානයට මිටර 20 ක් පමණ දුරින් දුම්රිය නවත්වා ගැනීමට හැකී තිබේ. 

මේ හේතුවෙන් කොළඹ සිට යාපනය දක්වා ධාවනය වන යාල්දේවි ඇතුළු දුම්රිය කීපයක් පැය එකහමාරකට ආසන්න කාලයක් කුරුණෑගල දුම්රිය ස්ථානයේ නවතා තැබීමට සිදුවු බව කුරුණෑගල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවැසීය.



අදහස් (0)

පාසල් මුරකරුගේ ස්ථානෝචිත ප්‍රඥාවෙන් වැලකුණු දුම්රිය අනතුර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site