(ගයාන් සූරියආරච්චි)

යාපනය කයිට්ස් ප්‍ර දේශයේ කාන්තා පාසලකට අයත් නේවාසිකාගාරයේ රැදී සිටි දැරියන් 8 දෙනකුට පහරදී හිරිහැර කළ බව කියන පාලිකාවක  අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 51 ක කාන්තාවක බව පොලිසිය පවසයි.

එම පාලිකාවගේ පහරදීම් සහ හිරිහැර ඉවසාගත නොහැකිව එම දැරියන් 8 දෙනා නේවාසිකාගාරයෙන් පැන විත් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව කයිට්ස් පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

යාපනය දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්.ඒ.ජේ. විශාන්ත මහතාගේ උපදෙස් පරිදි කයිට්ස් පොලිසිය වැඩිදුර වම ර්ශන සිදුකරයි.