(බන්දුල ඉලේපෙරුම)
මෙම සතියේ පාර්ලිමේන්තු රැස්වීම් පෙබරවාරි 9 (හෙට) සිට 12 වැනිදා තෙක් පැවැත්වීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(8) පාර්ලිමේන්තුවේදී රැස්වූ පාර්ලිමේන්තු කාරක සභාව විසින් තීරණය කරන ලදි.
පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ මීට පෙර සභා වාරය පැවැති සතියේදී රැස්වීම් දින දෙකකට සීමා විය.
මේ අතර හෙට (09) පෙරවරු 9.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත අහඹු පී.සී.ආර්.පරීක්‍ෂණ වැඩසටහනට ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව, ඉදිරියේ දී පාර්ලිමේන්තු සැසිවාරයන් පැවැත්වෙන කාලසීමාවන්හීදී මෙන්ම, නොපැවැත්වෙන කාලසීමාවන්හීදී ද සතියකට වරක් මෙම පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
2021 ජනවාරි මස 13 වැනි දින සිට මේ දක්වා පාර්ලිමේන්තු සංකීර්ණය තුළ ක්‍රියාත්මක කරන ලද පී. සී. ආර්. පරික්ෂණ වැඩ සටහන් යටතේ අවසන් වරට 190 දෙනෙකු ජනවාරි 25 වන දින පරීක්‍ෂාවට භාජනය කරන ලද අතර එම සියලු දෙනා ආසාධිත නොවන බවට තහවුරු වී ඇත.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාර්ලිමේන්තු රැස්වීම් හෙට සිට 12 දක්වා