(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නවවෙනි පාර්ලිමේන්තුවේ තෙවැනි තෙවැනි සභාවාරයේ රජයේ මුදල් පිළිබඳ පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පත් කිරීමට තේරීම් කාරක සභාව තීරණය කර ඇත.
තේරීම් කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ රැස්විය. මේ තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
නව වැනි පාර්ලිමේන්තුවේ දෙවෙනි සභාවාරයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය හොබවනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතාය.
කෝප් ,කෝපා ඇතුළු පාර්ලිමේන්තු කමිටු වල සභාපති ධූර විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා ඉල්ලීමක් කළේය.
ඒ අවස්ථාවේදී කතානායක වරයා ඊට එකඟත්වය පළ කළ බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
කෙසේ වෙතත් කෝප්,කෝපා ඇතුළු කමිටු රැසක සභාපති ධූර සඳහා මන්ත්‍රීවරුන් තවමත් පත් කර නොමැත.
නවවෙනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරය වාර අවසාන කිරීමත් සමග එහි පාර්ලිමේන්තු කමිටු හැත්තෑවකට ආසන්න සංඛ්‍යාවක් අහෝසිවී ගියේය. මෙලෙස අහෝසිවී ගිය කමිටු කිහිපයක් තේරීම් කාරක සභාව විසින් දැනටමත් පත් කරනු ලැබ ඇත.
COMMENTS
ගුට් හෝ බෑඩ් ලෙටිස් ඉන්වොල් ඕල් නිවි ගයිස් විත් ඩිපරන්ට් අයිඩියාස් දේ හැවි බෙටර් තින්කින් ද ඕල්ඩ් මෙන් එනිවේ.
ඉතාමත් හොදයි බුද්ධිමත් තේරීමක්, ලංකාවට ජයවේවා
අනිවාර්යෙන්ම හර්ෂ ද සිල්වා මැතිතුමාව පත් කරන්න
අනේ කරුණාකරලා මේ කිසිම ප්‍රතිපත්තියක් නැති මේ එහෙයියා මේ පත්වීම් ඉවත් කරන්න. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මේ වගේ කෙනෙක් ඉතිහාසයේම නැහැ...
Excellent choice
ඔලුවක් තියන මිනිහෙක්. රට ගොඩ නගන්න මේ වගේ අය තව ඉන්නවා. ප්‍රයෝජන ගත යුතුයි.
එතුමාට මේක ගැන දැනුමක් සහ අවශ්‍යතාවයක් තිබෙනවා.
ඔච්චර කලක් කටින්නේ වැඩ කළේ - දැන්වත් පුළුවන් කියලා පෙන්වන්න...!
මතකයි නේද හර්ෂද සිල්වා ජර්මන් කාර් කොම්පැනි වොක්ෂ්වැගන් ලංකාවට ගෙනාපු හැටි කාර් නිෂ්පාදනය කරන්න? මෙදා පාර ආයේ ගෙනේවී මර්සිඩෙස් බෙන්ස් ලංකාවේ කාර් නිෂ්පාදනය කරන්න. ඇයි අපි සැම විටම මෝඩයෝ තෝරගන්නේ උසස් පදවි වලට? ටයි කෝට් සංස්කෘතිය එලා දැකිමු.
එතුමාට මුදල් ඇමැතිකමත් දෙන්න ඕනේ...!
මෙතුමා ආර්ථික විෂය ඉදිරියේ විශිෂ්ඨ දැනුම් සම්භාරයක් උරුම කරගෙන ඇති විරලයෙකි. එතුමා මේ රාජකාරිය කරන හැටි නිරීක්ෂණය කරලා වැරදි තියෙනවා නම් බුද්ධිමත් විවේචනයක් කරන්න. ඊට කලින් නොසරුප් දේ කියලා සමහර අය හත්පොළේම අතුල්ලා ගන්නවා අනේ...!