(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මෙි පාර්ලිමේන්තුවේ සිටීම කිසිදු ඵලක් නැතැයි තව සතියකට දෙකකට පසුව හෝ තමාට සිතේවි යැයි ද සමහර විට ඊලඟ පාර්ලිමේන්තු වාරයේදී හෝ තීරණයක් ගන්න ඉඩ තිබෙන්නේ යැයිද කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා:-(පොපෙ) පාර්ලිමේන්තුවේ දී අද ( 19 ) පැවසීය.
"මෙිකට වැරදිකාරයෝ ගොඩක් ඉන්නවා. මුලින්ම මේ ආර්ථික ව්‍යසනය, ආර්ථික පීඩනය ඇති කරපු සියලුදෙනා මේකට වගකියන්න ඕන. ඒ සඳහා අරලියගහ මන්දිරයේදී උත්තේජනයක් ඇති කළ සියලුදෙනා වගකියන්න ඕන.මේ සමස්ථ පාර්ලිමේන්තුව පරිවර්ථනය කරන්න. මේකට වැඩපිළිවෙලක් සොයන තැනට එන්නැයි,ගුණපාල රත්නසේකර මහතා එහිදී කීය.
රටට ඉතාමත් ඉක්මනින් සාමය අවශ්‍ය බවද මේ වගේ ගිණිදැල් මැද්දෙන් කටයුතු කරන රටකට විදේශ රටවල් මුදල් ණයට ලබා දෙන්නේ නැතැයි ද ගුණපාල රත්නසේකර මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පරක්කු වුණා වැඩි නැද්ද?
ඇයි ගුණේ තව සතියකින් දෙකකින් හිතෙන්නේ...? සිහින ඇමැතිකම නොලැබෙයි කියලා කිව්වාද? ඔය කතාව පත්තරේට කිව්වාම ලොක්කා බයවෙලා ඇමැති පට්ටමක් දෙයි කියලා හිතුණාද? අර හරීන්, මනූෂ කරපු නාට්ටිය වගේ... රටට ආදරේ නම් දැන්ම යන්නකෝ... අපේ සල්ලි කාබාසිනියා කරන් නැතිව..
පාර්ලිමේන්තු මන්ත්‍රී ගොල්ලන්ගේ බහුතරයක් ඉන්නේ පස්කාරයින්, වැලි කාරයින්, බාර්කාරයින්, කුඩු ඒජන්ට්ලා... සමහරු මංකොල්ලකාරයින්... තවත් සමහරු මාල කඩනවා... ලොකුම ලොකුඅය හොරාකාපු රුපියල් දීලා ඩොලර් පිටරට පන්නපු අය. තවත් සමහරු ඉන්නවා නිධන් කඩපු... තවත් සමහරු රජයේ ඉඩම් අල්ලාගෙන වැව්වල, මුහුදුවල හොටෙල් ගහපු අය. මොවුන්ගේ මොන රටවල් හදන්නද?.
නීතිඥ නාගානන්ද හා එකතුව එම අලුත් ව්‍යවස්ථාව ගෙනෙන්න එක්වන්න..!
ඔබ වගේ වැදගත් මිනිස්සු ඉවත්වීම නොවෙයි, කළයුත්තේ... ස්වාධීන වී ගෝල්ෆේස් අරගල කරුවන්ගේ මතය සමග හිටගැනීමයි .