
(අංජුල මහික වීරරත්න)
එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පි රණවක මහතා සහ සමගි ජන බලවේගය අතර හමුවක් කොළඹ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී අද පැවැත්විණි.
එක්සත් ජනරජ පෙරමුණ විසින් එළිදැක්වූ 'දේශය වෙනුවෙන් එක්වන පියවරක්' ප්‍රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සියළු දේශපාලන පක්ෂ, සංවිධාන දැනුම්වත් කිරීමට ගනු ලැබූ තීරණය අනුව මෙම හමුව සිදුවූ බව පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ගයන්ත කරුණාතිලක සහ මුජිබුර් රහුමාන් යන මහත්වරුන් ද, එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක, සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ, මහලේකම් බන්දුල චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලක, ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාඨලී සජබ හමු වෙයි
fairoos Monday, 26 February 2024 04:29 PM
ගොනා හැරෙන්නේ මල් පැලේට වගේ
සංජිMonday, 26 February 2024 07:23 PM
මෙයා තියෙන ඔක්කොම පොල් පැල පැත්තට හැරෙන්න වගේ යන්නේ. රනිල්ව බැලුවා, සජිත්ව බැලුවා. ඊළඟට කවුද? ගෙවල්වල ඉන්න අපේ පැත්තටත් ඒවිද දන්නේ නෑ.
Gamini Tuesday, 27 February 2024 09:48 AM
විශ්වාස කරන්න එපා. ටික දවසක් එක තැන ඉඳීවි... ආයෙත් පනී...!