අග්‍රාමාත්‍ය ධුරයට නම් කළ අපේක්ෂක ෂෙහ්බාස් ෂරීෆ් නව අග්‍රාමාත්‍ය ලෙස තෝරා ගැනීමට පාකිස්තාන නව පාර්ලිමේන්තුව සූදානම් වෙයි.

ඒ, බහුතරයකගේ කැමැත්ත ෂෙහ්බාස් ෂරීෆ්ට ලැබී ඇති බැවිනි.

පසුගිය පෙබරවාරි 8 වැනිදා පැවැති පාකිස්තාන මහ මැතිවරණයෙන් කිසිදු දේශපාලන කණ්ඩායමකට බහුතරය නොලැබුණු අතර,  මුස්ලිම් ලීගය සහ පාකිස්තාන ජනතා පක්ෂය හවුල් රජයකට එකග විය.