
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී අද (14) පැවැති දෙවැනි තරගයෙන් පාකිස්තානු ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබීමට සමත් වූහ.
පාකිස්තානු පිල මෙම ජයග්‍රහණයත් සමඟ තරගයක් ඉතිරිව තිබියදී 2-0 ක් ලෙස තරගාවලියේ ජය ද හිමිකර ගැනීමට සමත්විය.
පාකිස්තානු පිල ලකුණු 289 ක ඉලක්කය ඕවර 48.2 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
බාබර් අසාම්, පාකිස්තානය වෙනුවෙන් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 119 කදී හතරේ පහර 8 ක් සමගින් නොදැවී ලකුණු 102 ක් රැස්කිරීමට සමත් විය.
ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 8 ට 288 (පැතුම් නිස්සංක 24, කමිල් මිෂාර 27, කුසල් මෙන්ඩිස් 20, සදීර සමරවික්‍රම 42, ජනිත් ලියනගේ 54, කමිඳු මෙන්ඩිස් 44, වනිදු හසරංග නොදැවී 37, අබ්රාර් අහමඩ් 41/3, හැරිස් රවුෆ් 66/3) පාකිස්තානු පිල ඕවර 48.2 කදී කඩුලු 2 ට 289 (ෆකාර් අසාම් 78, සයිම් අයුබ් 33, බාබර් අසාම් නොදැවී 102, මොහොමඩ් රිස්වාන් නොදැවී 51, දුෂ්මන්ත චමීර 58/2)
2025 නොවැම්බර් මස 04
776
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2418
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්තානය කඩුලු 8 කින් ජය ලබයි