
( තිලකරත්න දිසානායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පාකිස්තානයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ගණේමුල්ල, කැන්දලියද්ද පාලුවේ පදිංචිව සිටි ප්‍රියන්ත කුමාර මහතාගේ මහතාගේ නිවසට අද සවස පැමිණි අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන් පවුලේ සාමාජිකයින්ට සිය ශෝකය ප්‍රකාශ කළහ.
ඝාතනයට ලක්වූ ප්‍රියන්ත මහතාගේ බිරිද , දරුවන් දෙදෙනා සහ පවුලේ සාමාජිකයින් වෙත ශෝකය ප්‍රකාශ අමාත්‍යවරුන් පාකිස්තානයේ තානාපති රියර් අද්මිරාල් මොහාන් විජේවික්‍රම මහතාට දුරකථනයෙන් කතා කොට දේහය කඩිනමින් මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස දුන්හ. මෙම ඝාතනය සම්බන්ධයෙන් එරට බලධාරීන් සමග සාකච්ඡා කරන බවද ඔව්හු පැවසූහ.



COMMENTS
දේහය කඩිනමින් මෙරටට රැගෙන ඒමට පියවර ගන්නා ලෙස පමණක් නොව ඔහු සේවය කළ සමාගමෙන් හෝ පාකිස්තානු රජයෙන් වන්දි මුදලක් හෝ ලබාගැනීමට කටයුතු කරන්න. ඔහු සේවය කළ සමාගම ඔහුට ජිවිත රක්ෂණයක් ලබා දී තිබේද කියා සොයා බලන්න...
මලගේ විකුණාගෙන කන පාදඩ දේශපාලන ක්‍රමය. මෙය දේශපාලනීකරණය කළයුතු නෑ... පාකිස්තානයේ රැකියාවලට යන අය අවදානම ගැන දන්නවා. වන්දි ලබාදීම නිවැරැදියි. ඒත් මරණකරුගේ භාර්යාව කියන සාධාරණය ඉටුකර දීම කුමක්ද?
නාමල් බේබී සහ ප්‍රසන්න මහත්තයා හොඳ නාට්‍යයක් රඟපාලා වගේ...
දැන් ඔක්කෝම හරියයි. අනේ පින්සිද්ද වෙයි තවත් බොරු රඟපෑම් එපා. බොර දියේ මාළු බාන අය....
තුක් නොදකින්... ගහලා එළවන්නයි ඕනේ...!
ගිහින් දුක බලලා බොරු පොරොන්දු දීලා ආවැයි...!
මේ අය දෙන්න ගිය නිසා ප්‍රශ්නය විසඳේවි...
මෙතුමාගේ පවුලේ පිරිස් හට පාකිස්තාන රජයෙන් වන්දි මුදල් අනිවාර්යෙන්ම ගෙවිය යුතුයි.. ඒ සඳහා ලංකා ආණ්ඩුව මැදිහත් විය යුතුයි. ශෝක ප්‍රකාශ වැඩක් නැත. අවශ්‍ය වන්නේ රාජ්‍ය තානත්‍රික මැදිහත් වීම් හා අපක්ෂපාති පරීක්ෂණ පමණි... නිවන්සුව ලැබේවා එතුමාට...!!!
අසාත් සාලිලා, රිශාඩ් බදියුදීන්ලා නිදහස් කරලා ලංකාවේ දේශීය වශයෙන් ඔය වගේ අන්තවාදීන් හදාගන්න අවස්ථාව සැලසිලා තියෙන්නේ. තව ටික කාලෙකින් පකිස්තානේ නොගිහින් ලංකාවේ ඉඳන්ම කෑමක් හදාගන්න පුළුවන්. ලංකාවේ අයට තේරෙන්න කන්නම ඕනේ. කොච්චර කෑවත් සති 2යි මතක...
ගේන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. අනික මළගෙදරකටවත් යද්දී ඔය කරවටේ ඔතාගෙන යන රතුපාට තුවාය නැතුව යන්න අනාගත ජනාධිපතිට උගන්නන්න ඕනෑද?
මේක ඉතාම අවාසනාවන්ත සිද්දියක්. කෙසේ වෙතත් විදේශ රටවල සේවයට යන අයට ඒ රටවල නීති රීති වගේම චර්යා ධර්ම ගැන හොඳ අවබෝධයක් ලබලා දෙන්න