
(යොහාන් භාසුර)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට ඉදිරිපත්ව සිටි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වීමට තීරණය කර තිබේ.
ඒ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී හෙට (13) පෙරවරුවේ විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වී නැවත එම පක්‍ෂයට එකතුවීමට නියමිතය.
‘චොකා මල්ලි’ ලෙස ප්‍රසිද්ධියක් උසුලන ප්‍රේමලාල් ජයසේකර මහතා පොහොට්ටුවේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ මහතාට සහයෝගය දක්වන බව ඒ මහතාගේ ප්‍රකාශකයෙක් අද පස්වරුවේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ලොකු දෙයක් 2015 මැතිවරණය වෙලාවේ මෛත්‍රීපාල සිරිසේනගේ රැස්වීම් ස්ථානයේ සංවිධාන කටයුතු කළ කෙනෙක් මරාදැමීමට ඔහුගේ සහභාගිත්වය තිබුණා... එහෙම තියෙද්දී ඔහු රනිල්ට සහාය දෙනවිට පාක්ෂිකයින්ට ඉවත්වෙලා ගිහිල්ලා රනිල්ට පරාජය උරුම කරන්න පුළුවන්... ඒ නිසා උන්දෑට රට කන්නන්ගේ පිලට යන්න කියන්න...
කෙසෙල් ඉඩමේ කොස් ගහක්...
මතකද? වසන්ත සේනානායක...!
ඇත්තටම මෙහෙම එහාට මෙහේට පනින අයට කියන්න ගෙම්බා හැර වෙනත් වචන තියෙනවද?
ගෙම්බා නොවෙයි මහසෙන් මල්ලි, එයාට රිලාප්‍රේම් කියමු. රිලාසිරි සතෙකුත් දියවන්නා කැලේ ඉන්නවානේ...
මිනීමරුවෙක් හින්දා අනිත් හොරු ටික රනිලාට කියන්න ඇති මෙයාව එළවන්න කියලා. ඒ හින්දා මහ ගෙදරට ගිහිල්ලා අරයාගේ කකුල් ශක්තිමත් කරන්න ආවා කියලා වොයිස් කට් එකක් දෙන්න.
මෙයාට යන්තමට හරි මොලේ පෑදිලා වගේ... ඒකයි. දන්නවා කොහොමත් නාමල් දිනනවා කියලා... දැන් ඉතින් අනිත් ගෙම්බන් ටිකත් දෙපාරක් හිතනවා ඇති. වරෙන් මචෝ.. අපි කොහොමත් දිනනවා.
රත්නපුරේ අයට ලැජ්ජාවක් කියලා එකක් තියෙනවද කියලා ඡන්දෙදී බලමු...!
මොවුන් දැන් පිස්සු වැටිලා ඉන්නේ, කොයි පැත්තට යන්නද කාහට උදව් කරන්නද කියලා. තනතුර වරප්‍රසාද සහ වරදානවලට වැඩිය ඉදිරියේදී එන ජාතික ජනබල වේගයේ ආණ්ඩූවක් යටතේ තමන් කළ අපරාධ වංචා හා දූෂණ වලට නඩු වැටෙන හැටි හා දඩුවම් ලැබෙන හැටි හීනෙනුත් පෙනෙනවා ඇති...!
මොනව වුණත් කෙලෙහිගුණ දන්නා මිනිහෙක්. මහින්දගේ පොටෝ පෙන්නලා බලයට ආපු අය, මාවිල් ආරු රක්ෂණ වන්දි, වංචා කරලා ඒක ගොඩදාගෙන හිටපු එකත් පිටුපෑවා. අනිත් අයත් එහෙමයි...
File එක උඩ අරන් බය කරලා වත්ද?
එල්ලුම් ගහට නියම වෙච්චි කට්ටිය ඉන්නවා නම් කියන්න ජනාධිපති සමාව අරගන්න පුළුවන්. මේ කාලේට විශේෂයි...!
මාලිමාවේ රැස්වීම් වලදී ජනතාවට කියන්නෙත් ඔය ටිකමනේ. ගිහින් දෙන දෙයක් අරන් ආපහු එන්න. ඔන්න බලන්න ඒක කරන විදිහ..
හිරේ ඉන්න ඕනේ කෙනෙක්... කවදාහරි ජම්පරේ අයිතිවෙයි. නීති විරෝධී දේවල්...
පින්තූරය බැලුවාම ලස්සනට හිනාවෙලා ඉන්නවා. ඒත් හිනාවෙන් හෝ කතාවෙන් බැහැ.. මනින්නට මිනිහා කියන්නේ උඩින් ඔපේ යටින් හපේ වගේ ඇතුලේ තියෙන්නේ අලුගෝසු අදහස් පමණයි.. නිවිතිගල ප්‍රාදේශීය සභාවේ සභාපති වෙලා මහ දවාලේ රත්නපුර නගරයේදී එවකට අමාත්‍යවර ගාමිණී අතුකෝරළ මරන්න ගියේ මොහු තමයි... ඒවාට ඉතින් මිනීමරුවෝ සිටින පක්ෂයේ නායකයෝ සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ...
ලණු පොට උඩ නටති කෙල්ලෝ, මාරක පිමි පනිති කොල්ලෝ...!
කොහේ ගියත් මෙයාලාගේ කාලේ ඉවරයි....!
මිනීමැරුම් නඩුවක ඇප පිට ඉන්නේ... දූෂිත මිනිස්සු ඔක්කොම රනිල් ළඟට...
කරනම් ගහන ශූරයෝ ඉන්නේ ඉතින් පාර්ලිමේන්තුවේ විතරමයි
රනිල් මෙයාව ගන්න බෑ කියලා
පේමලාල් සර් අපේ ගමේ ඇමැති තුමා. ඇත්තටම කව්රු මොනවා කිව්වත් එතුමා කවදාවත් රුපියලක්වත් සොරකම් කරලා ඇරන් නැහැ අනිත් ඇමැතිවරු වගේ. එයා හදාගත්ත දෙයක් නෑ ඇත්තටම ඇමැති කමක් තිබ්බා කියලා. හොරා හොරා කියන්න කලින් හොරකම් කරපු දෙයක් තියෙයි නම් ඔප්පු කරලා පෙන්නලා හොරා කියන්න. පැත්තක් ඇරන් කියනවා නෙමෙයි ඇත්ත කියන්නේ. මිනී මැරුවද නැද්ද කියලා අපි දන් නෑනේ දැක්කේ නෑනේ. හැබැයි රත්නපුරේ මිනිස්සු කව්රු ඡන්දේ ඉල්ලුවත් දෙන්නේ මෙයාට මොකද කිසිම ලොකු කමක් නැති නිහතමානී මනුස්සයෙක්...
මොහු, ඔහුට සුදුසුම තැන හා ගැලපෙන පුද්ගලයා තෝරාගෙන තියනවා... මිනීමරුවන්ට මේවගේ පිළිගැනීමක් තියන මිලේච්ජයෝ වෙසෙන ලෝකයේ එකම රට.... ඇත්තම කියනවා නම් වනයේ වෙසෙන වල සත්තු හා මුර්ගයින්ට ලංකාවේ මිනිස්සුන්ට වඩා බුද්ධියක් තියනවා.... නැත්නම් මෙහෙම එවුන්ව පාර්ලිමේන්තු යවයිද මොලේ කලඳක් තියන එවුන්...