IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


ප්‍රා.ලේ.කො. 30කට නාය අනතුරු ඇඟවීම්

(ශාන්ත චන්ද්‍රසිරි හුලංනුගේ)

පවතින වැසි සහිත  කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30ක්  සඳහා   නායයෑමේ  පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන   නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  පියවර තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල හා කෑගල්ල දිස්ත්‍රික්කයේ  අරණායක   යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ දෙවන  මට්ටමේ අවදානමෙන්  සිටින ලෙස දැනුම්දීමේ නිවේදන  නිකුත් කොට තිබේ.

එමෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හපුතලේ, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරලය, උඩුනුවර, උඩ පලාත, තුම්පනේ, පාතහේවාහැට, උඩදුම්බර, ගග ඉහල කෝරලය, පස්බාගේ කෝරලය, යටිනුවර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, මාවනැල්ල, දැරණියගල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය, මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, නෝර්වුඩ්, කොත්මලේ, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, බලන්ගොඩ, කලවාන, කොලොන්න සහ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් සඳහා පළමු මට්ටමේ විමසිලිමත්ව සිටින ලෙස සඳහන් අනතුරු ඇගයීමේ නිවේදනය නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

අද (18) පස්වරු                                                                                                                                                                              7.00 දක්වා මෙම නිවේදන වලංගු වන බවත්, එම නිවේදන නිකුත් කොට ඇති ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයන්ගේ  පදිංචි ජනතාව මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (0)

ප්‍රා.ලේ.කො. 30කට නාය අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 54 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2518 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site