(විමුක්ති එස් රුද්‍රිගු)
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ලංකා රෝහලේ වෛද්‍ය මහාචාර්ය රනිල් ජයවර්ධන මහතා හමුවීමට ගිය අවස්ථාවේ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් සහ සමාජ මාධ්‍ය වල සැරිසරණ තොරතුරු සම්බන්ධයෙන් එම රෝහල අද නිවේදනයක් නිකුත් කළේය.
එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.
" ශ්‍රී ලංකාවේ තෘතීය සත්කාරක රෝහලක් ලෙස ලංකා රෝහල රැකවරණය සහ උපදේශනය අවශ්‍ය රෝගීන් වෙත ඒ සඳහා පහසුකම් සහ සේවා සපයනු ලබයි. වෛද්‍යවරයකුට ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත මත රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළ හැක.
වෛද්‍යවරයකු රෝගියකු පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් ඉන් පසුව අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය රෝහල විසින් නිසියාකාරව අනුගමනය කරනු ලබයි.මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය චෝදනා කරන පරිදි රෝහලේ කිසිම වෛද්‍යවරයකුගේ සේවය අත් හිටුවා නැත.
අප රෝහලේ ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ පුද්ගලිකත්වය පිළිබඳ වගකීම අප බාරගන්නා බවට මහ ජනතාවට සහතික වන්නෙමු.සෑම අවස්ථාවකම රෝගීන්ගේ පුද්ගලිකත්වයට ගරු කරන ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නෙමු".
COMMENTS
සදාචාරාත්මක රෝහල් සේවයට සිදුවූ අවමානයක් නේද?
රෝහල පුද්ගලික නිසා වෛද්‍යවරයාට විරුද්ධව කිසිඳු විනය ක්‍රියාමාර්ගයක් ගත නොහැක! - මෙම වෛද්‍යවරයා සියලුම දේශපාලකයින්ට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කරන්නේද? මෙම රෝහල එය අනුමත කරන්නේද? - දේශපාලන හේතුමත රෝගියෙකුට ප්‍රතිකාර නොකිරීම, එරට වැසියෙකු හෙලාදකිමි...!
විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය ලෙස අපි සියලු සිසුන්ට උගැන්විය යුතුයි. දොස්තරවරුත් එකම දේ කළ යුතුයි.
මේ පිළිබඳ ප්‍රතිචාර දක්වන්නේ අප වැනි සාමාන්‍ය පුද්ගලයින්ය. වඩාත් සුදුසු වන්නේ මේ විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගෙන් සහ විශ්ව විද්‍යාල මහා ඇදුරන්ගෙන් මේ පිළිබඳ විමසා බැලීමයි. එවිට ඔවුන්ගේ වෘත්තීය පිළිගැනීම, ප්‍රතිපත්තිය සහ එයට පදනම් වූ හිපොක්‍රටීස් දිව්රුම පිළිබඳවද කරුණු කියාපානු ඇත. ඒ අනුව බහුතරයක් වෛද්‍ය මහාචාර්යවරුන් හා වෛද්‍යවරුන් ඔවුන්ගේ වෘත්තිකභාවය එයට බැඳුණු යාන්ත්‍රණයන් අපහට එළිදරව් කරනු ලබයි. අවසානයේ සමාජයේ වෙසෙන කුඩා මනුස්සයෙක් වශයෙන් මහාචාර්යතුමාගෙන් කුඩා ඉල්ලීමක් කරනු කැමැත්තෙමි. එහෙනම් මේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ සිටින 225 ක් වූ දේශපාලකයින්ටත් ඔවුන් හා බැඳුණු පළාත් සභා පළාත් පාලන ප්‍රාදේශීය සභාව විසිදාහක් පමණ දේශපාලකයින්ටත් ඔබගේ මේ ප්‍රතිකාර නොකිරීමේ පිළිවෙත රැකිය හැකිද? ස්තුතියි...!
ප්‍රසන්න මටද ප්‍රසන්න නැත. කොතරම් අප්‍රසන්න වුණත් රෝගියකුට ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කිරීම අනුමත කළ නොහේ.. වෛද්‍ය සභාව වෙත පැමිණිලි කළ යුතුයි...
වෛද්‍ය වරයෙකුවීමේදී දුන් ප්‍රතිඤාව උල්ලංඝනය කර ඇත. පාර්ලිමේන්තු, පලාත්සභා, ප්‍රාදේශීයසභා මන්ත්‍රීන් 20,000 කගේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් 80,000 න් කෙනෙක්, මුදලුත් ගෙවා ඔබගෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණියහොත් ඔවුන්ටත් අත්වන්නේ එම ඉරනමද? නැතිනම් වෛරයෙන් ඔවුන්ට අවැඩක් කරනවාද? වෛද්‍යවරයා පවසාඇකි පරිදි රොගීන්ට ප්‍රතිකාර නොකිරීමට හැකියාව තිබේද? LANKA HOSPITAL S මෙයට ඔබේ ප්‍රතිචාරය කුමක්ද?