IMG-LOGO

ප්‍රශ්න පත්‍රයේ දෝෂ බැංකුවක උසස් වීම් වළකයි

(රෝෂන් තුෂාර)

මෙරට රාජ්‍ය බැංකුවක බැංකු නිලධාරීන්ට උසස් වීම් ලබා දීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (18)නිකුත් කළේය.

විත්තිකාර බැංකුවේ උසස් වීම් ලබාදීම සඳහා පැවැත්වූ තරග විභාගය දෝෂ සහිත හා අසාධාරණ බවට බැංකු සේවකයකු ගොණු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව  මෙම වාරණය  නියෝගය නිකුත් කළේය.

පැමිණිලිකාර සේවකයා අධිකරණයට සඳහන් කර සිටියේ පසුගිය ජුනි මස 9 වැනි දින බැංකුවේ සේවකයින්ට උසස්වීම් ලබාදීම සඳහා  පවත්වන ලද තරග විභාගය නිසි පරිදි නීත්‍යානුකූල නොවන ආකාරයෙන් පැවැත්වා ඇති බවය.

තරග විභාගයට ඉදිරිපත් කළ සිංහල ප්‍රශ්න පත්‍රයේ  භාෂා දෝෂ තිබෙන බවත්,අංක ගණිතය සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න නිවැරදි නොවන බවත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ එරාජ් ද  සිල්වා මහතා  ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ  ප්‍රධාන දිසා විනිසුරුවරයා  තරග විභාගයේ ලකුණු  පදනම් කරගනිමින් උසස් වීම් පිරිනැමීම වළක්වමින් අදාළ බැංකුවට දින 14 ක වාරණ නියෝගයක් නිකුත් කළේය.

ලබන මස 02 දින අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට විත්තිකාර බැංකුවට නොතීසි ද නිකුත් කළේය.



අදහස් (0)

ප්‍රශ්න පත්‍රයේ දෝෂ බැංකුවක උසස් වීම් වළකයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1799 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 578 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 671 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site