IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


ප්‍රශ්න ගත ලුණු ටොන් විසිතුන්දහසක් වරායේ හිරවේ

(විමුක්ති එස් රුද්‍රිගු)

මෙම වසරේදී මෙරටට ආනයනය කළ ලුණු මෙට්‍රික් ටොන් 22,950 ක් රේගුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් රේගුව රඳවා ගත් ලුණු තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි 91.81 ක් බවත් ආරංචි මාර්ග පැවැසුවේය.

නිසි ප්‍රමිතියට නොමැතිවීම සහ පසුගිය මැයි මාසයේ ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසුව ලුණු ආනයනය කිරීමට ලබාදුන් අවසන් දිනය පසුවී මෙරටට ආනයනය කර තිබීම එම මෙට්‍රික් ටොන් 22,950 ලුණු තොගය රඳවා ගැනීමට ප්‍රධාන හේතු වූ බවද ආරංචි මාර්ග පැවැසුවේය.

එක් අවස්ථාවකදී නැවක තිබූ සම්පූර්ණ ලුණු තොගයකටම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ප්‍රමිතිකරණ සහතිකය ලබාදීම ප්‍රතික්ෂේප කළ බවත් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකය නොලැබීමෙන් අදහස් වන්නේ එම ලුණු තොගයේ නිසි ප්‍රමිතියට නොමැති බවත් යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

මෙරටට මෙම වසරේදී වැඩිම ලුණු තොගයක් ආනයනය කර ඇත්තේ ආනයන සීමා ලිහිල් කළ පසුගිය ජූනි මාසයේදී බවත් පසුගිය ජූනි මාසයේදී මෙරටට ලුණු මෙට්‍රික් ටොන් 99,217 ක් ආනයනය කර ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ආනයනය කළ එම ලුණු තොගයේ විටිනාකම රුපියල් කෝටි 396.61 ක් බවද ආරංචි මාර්ග පැවැසුවේය.

 



අදහස් (3)

ප්‍රශ්න ගත ලුණු ටොන් විසිතුන්දහසක් වරායේ හිරවේ

Lalla Saturday, 18 October 2025 10:34 AM

ආපසු යවන්න ඕනෑ නේද?

:       0       8

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 18 October 2025 10:40 AM

මේ ජාවාරම්කාර ව්‍යාපාරික ජාලය තමයි මේ රටට විස කවන්නේ. ඒ රටේ අතයට ගණුදෙනු හරහා ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ඔවුනුත් දන්නවා. කෙසේ වෙතත් නිසි ප්‍රමිතියට නැත්නම් නිදහස් නොකර ආපසු යැවීම හෝ විනාශ කළ යුතුයි.

:       0       6

maalaka Saturday, 18 October 2025 11:38 AM

මුහුදෙන් වටවූ දිවයිනක් ලුණු ආනයනය කිරීම විහිළුවක්... මෙහි ආරම්භය... කපුටා බව දන්නවා. නමුත් මේ තත්වය ආපිට හරවාගත යුතුයි.

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1010 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1044 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 412 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site