
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභා ඡන්දය කුමන මැතිවරණ ක්‍රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමට සහ ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී ඉදිරියේදී සම්මත කිරීමට නියමිතය.
සභානායකවරයා විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයටද ඇතුළත් කරනු ලැබ ඇත.
රටේ මැතිවරණ ක්‍රම පිළිබඳව සංවාදය වඩාත් පුළුල් හා ගැඹුරු විය යුතු බැවින් කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම, තරුණ නියෝජනය, වියදම් සීමා, මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය, පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය සහ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කිරීම අැතුළත් ඡන්ද ක්‍රමයක් සකස් කිරීමට පුලුල් සංවාදයක් කළ යුතු බව එම යෝජනාවේ වැඩිදුරටත් දැක්වේ.
කාරක සභාවේ වාර්තාව එහි පළමු රැස්වීමේ දින සිට මාස තුනක කාලයක් හෝ පාර්ලිමේන්තුව විසින් දීර්ඝ කරනු ලබන එවැනි කාල පරිච්ඡේදයක් ඇතුළතදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවද එහි සඳහන්වේ.
පළාත් සභා මැතිවරණය ලබන වසරේදී පැවැත්වීමට රජය තීරණය කර ඇත
2025 දෙසැම්බර් මස 16
41
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පළාත් ඡන්ද ක්‍රමය තීරණයට විශේෂ කාරක සභාවක්