අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු නැති බවත් ජනතාව කියන්නේ ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවත් අද (07දා) අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා මුණ ගැසුනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාළන ආයතන ප්‍රධානීහු ප්‍රකාශ කළහ. 

අගමැති ධුරයෙන් අස්නොවන ලෙසත් අවශ්‍ය නම් අස්කරන්නට කියන ලෙසත් එයින් පසුව තමන් නැවත මහින්ද රාජපක්ෂ මහතාව  ශක්තිමත් ලෙස අගමතිධුරයට පත් කරන බවත් මෙහෙදී  ඔවුහු පැවසූහ. ඩොලර් උනනවා නම්, ගෑස් තෙල් ලැබෙනවා නම් අගමැතිවරයා ඉවත් වූවාට කමක් නැති බවත් ජනතාව යන්න කියන්නේ අගමැතිවරයාට නොව ජනාධිපතිවරයාට බවත්  මෙම පළාත් පළාන නියෝජිතයෝ අගමැතිවරයාට පෙන්වා දුන්හ.