IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පිළිස්සෙමින් තිබූ දේහය වැඩිදුර පරීක්ෂණයට ගෙන යයි

 (පුෂ්පකුමාර මල්ලවආරච්චි )

මීරිගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී නිව්මෝනියාව වැළදී මිය ගිය බවට වෛද්‍ය නිගමනය සහිතව ආදාහනය කරමින් තිබූ දේහයක් සම්බන්ධයෙන් ඥාතීන්  සැක පහළ කිරීමේ හේතුවෙන් ආදාහනාගාරයේ දැවෙමින් තිබූ මළසිරුර   වැඩිදුර පරීක්ෂණයක් සඳහා වතුපිටිවල මූලික රෝහලට ගෙන ගිය බව මීරිගම පොලිසිය කියයි .

මෙසේ මිය ගොස් ඇත්තේ මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටි ආර්. ඩී.සිරිසෝමා රණසිංහ 81 නමැති  කාන්තාවකි .

වේයන්ගොඩ ප්‍රදේශයේ  පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව ඇගේ සමීප ඥාතියකු විසින් මාස හය හතකට පමන පෙර දී වැඩිහිටි නිවාසයට භාර කර ඇතැයි පොලිසිය සඳහන් කරයි .

 නේවාසිකව වැඩිහිටි නිවාසයේ කාලය ගත කරමින්   සිටි කාන්තාව රෝගාතුර වීමෙන් පසු මීරිගම මූලික රෝහලට ඇතුළත් කර ඇත .

දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මරණයට පත් වී ඇතැයි ද නිව්මෝනියා රෝගී තත්ත්වය  නිසා මරණය සිදුවී ඇති බව වෛද්‍ය නිගමනය වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි .

බාරකරුට දැනුම් දීමෙත් පසු ඔවුන් නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශයේ මල්ශාලාවක මාර්ගයෙන් දේහය ආදාහනය කිරීමට කටයුතු කර ඇති බවත් ඒ අතර මියගිය කාන්තාවගේ ඥාතියකු මෙම මරණය සැක සහිත බවට ගම්පහ ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරීවරයා වෙත කළ පැමිණිල්ලක් අනුව වැඩිදුර පරීක්ෂණයක් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත .

 

 



අදහස් (1)

පිළිස්සෙමින් තිබූ දේහය වැඩිදුර පරීක්ෂණයට ගෙන යයි

වීර Friday, 26 January 2024 02:37 PM

බලන්නේ නැතුව ඉදලා ගාණක් කඩාගන්න හදනවා වගේ...!

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site