IMG-LOGO

පිළියන්දල එම්.ඕ .එච් බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙක්

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු  වීමෙන්  අනතුරුව මීට සුළු මොහොතකට පෙර අයිඩිඑච් රෝහලට ඇතුලත්  කළ බව පිළියන්දල  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී    වෛද්‍ය  ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය .

එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව අද සවස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව  සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වූ බව වෛද්‍ය වරයා කීය .

අද දින දහවල්  එම  පුද්ගලයා  ආ ගිය බව කියන එම ප්‍රදේශයේම  නීතිඥවරියකුගේ නිවසක්  සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං   නිරෝධානයට ලක් කළ බව එල්ලාවල මහතා වැඩි දුරටත් පැවසීය . 



අදහස් (3)

පිළියන්දල එම්.ඕ .එච් බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙක්

Akila Tuesday, 21 April 2020 12:36 AM

එතකොට ඒ පුද්ගලයට මේ රෝගය සැදුනේ කොහොමද? කාගෙන්ද කියල හොයාගෙන නැත්ද?

:       0       0

SL Tuesday, 21 April 2020 01:19 AM

මාළු විකුණන බහුතරයක් මාස්ක් දන්නේ නැහැ. මහනුවර මඩවලින් එන වෙළෙන්දන් එහෙමයි.

:       0       0

Mahesh Tuesday, 21 April 2020 02:04 AM

කමක් නෑ අපි ඡන්දේ කරමු. මේ වගේ රට වටේ කොච්චර ඉන්නවද කියලා කවුද දන්නේ. මෙහෙම තියන් තමයි ඡන්ද කරන්න හදන්නේ. රටම වහන්න ජනතාව එකවගේ හඬ නැගුවා වගේ. මේ ප්‍රශ්නය ඉවරවෙනකන් ඡන්ද එපා කියලා මතයකුත් හදන්න ඔන වෙනවා රටේ සහ ජනතාවගේ ආරක්ෂාවට.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 481 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 642 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site