අ(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී හෙට(01) දිනට වසර 26 ක් සම්පූර්ණ වේ.
හිටපු අගමැතිවරයකු වන ඩඩ්ලි සේනානායක මහතාගේ අභාවයෙන් පසු 1973 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බාරගත් එවකට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරය හෙබවූ ජේ. ආර්. ජයවර්ධන මහතා 1977 වසරේ පැවති මහ මැතිවරණයෙන් හයෙන් පහක ජනවරමක් ලබා ලංකාවේ හය වන අගමැතිවරයා බවට පත් විය.
ඒ වන විට පැවති ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කොට, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව නිර්මාණය කර 1978 පෙබරවාරි 04 වෙනි දින සිට පූර්ණ විධායක බලැති ජනාධිපතිවරයා බවට පත්වී 1988 දක්වා රට පාලනය කළ ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට කඩිනම් සංවර්ධන ව්‍යාපෘති රාශියක් ක්‍රියාත්මක කර ජනතාවට සෙත සැලසීය.
1988 වසරේ දේශපාලනයෙන් සදහටම සමුගත් ජයවර්ධන මහතා තමා සතු බොහෝ පෞද්ගලික දේපළ රට වෙනුවෙන් පරිත්‍යාග කළ දේශපාලනඥයකු ලෙස ප්‍රකටය. දේශපාලනයෙන් සමු ගැනීමෙන් පසු වසර හතක නිදහස් විශ්‍රාමික ජීවිතයක් ගත කළ ජේ. ආර්. ජයවර්ධන මහතා ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපති වී මෙයට වසර 26 කට පෙර හෙවත් 1996 නොවැම්බර් 01 වෙනි දින ජීවිතයෙන් සමුගත්තේය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පළමු විධායක ජනපති 26 වන ගුණ සමරුව හෙට
යෝගා Monday, 31 October 2022 06:24 PM
J R ජයවර්ධන මහතා දැනට ජීවතුන් අතර නොසිටින අයෙකු නිසා කිසිවක් නොකියමි...