රංජන් කස්තුරි
පළාත් සභා හයක මැතිවරණය මේ වසර අවසන් වීමට පෙර පැවැත්වීමට හැකිවෙතැයි අපේක්ෂාකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභහපති මහින්ද දේශප්‍රිය මහතා රාජගිරිය එම කොමිෂන් සභා කාර්යාලයේදී අද (24) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
සබරගමුව , උතුරමැද , සහ නැගෙනහිර දැනටමත් විසිරී තිබෙන අතර ලබන සැප්තැම්බර් මාසයේදී මධ්‍යම උතුර සහ වයඹ යන පළාත් සභා තුනේ නිල කාලය අවසන් වන බවද ඒ අනුව එම පළාත් සභා හයේම මැතිවරණය ලබන දෙසැම්බර් මස 15 වැනිදිනට පෙර පවත්වා අවසන් කිරීමට අපේක්ෂා කරන බවද එහිදී දේශප්‍රිය මහතා කීය.
පළාත් සභා මැතිවරණය තව දුරටත් කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ යහපත් මූලධර්ම වලට සම්පුර්ණයෙන්ම පටහැනි ක්‍රියාවක් බවද පළාත් සභා ඡන්දය කල් දැමීමට එරෙහිව රට තුළ ජනමතයක් ගොඩනැගිය යුතු යැයිද එහිදී මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් පළාත් සභා මැතිවරණය බධාවකින් තොරව පැවැත්වීම සඳහා දැනට තිබෙන ගැටලුවලට පාර්ලිමේන්තුව හරහා විසඳුම් ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවලින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙන බවද ඔහු කීය.
2025 නොවැම්බර් මස 04
164
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2055
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1582
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පළාත් 6ක ඡන්දය දෙසැම්බර් 15ට පෙර
soma dubayi Tuesday, 24 April 2018 05:49 PM
ඡන්දෙ තියන්න ඔච්චර හදිස්සි මොකද? රජයට වැඩ කරන්න වෙලාවක් නැ හැම තිස්සෙම ඡන්ද තියෙන නිසා ,2020 ට කලින් ඡන්ද ඕනේ නැ
Sathya Wednesday, 25 April 2018 03:05 AM
2015 දී මැ.කෝ. ගේ තිබ්බ සෘජු තීරණ ගැනීමේ හැකියාවත් ස්වාදීන කොමිසමක් අවම නැති වෙලාද?පාර්ලිමේන්තුවෙන් වෙලාවට තීරණ ගන්නේ නැත්නම් කොමිසමට බලයක් නැද්ද ක්‍රියාමාර්ග ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය , යහපාලනය ගැන කියාගෙන ආව අය තමා තමන්ගේ බැරිකම වහගන්න මැතිවරණ කල් දමන්නේ.දෙසැම්බර් මාසේ ආවම පටන් ගනීවි සීමා නිර්ණය කරලා නෑ හරි වෙන මොකක්හරි බයිලයක්. අ දවස්වල ගිරිය පුප්පගෙන කැගැහුව එන්.ජී.ඕ නඩ ටිකත් දැන් නෑනේ.
Sapumal. Wednesday, 25 April 2018 03:22 AM
චන්ද කලට වෙලාවට තැබීම මැකෝගේ රාජකාරියයි.2020 දී තියෙන්නේ වෙනත් මැතිවරණයක්.මේ තියන්න හදන්නේ පළාත් සභා චන්දයයි.ඩුබායි සෝමා,ටිකක් දැනුවත් වෙලා ලියනවනම් නේද වඩා හොඳ ?
dewadaththa Wednesday, 25 April 2018 07:14 AM
ඩුබායි සෝමා නොදුටු මොක්පුර...