‘ඔයාලා ආවේ මේක විකුණන් කන්නද?මිනිහෙක් අමාරුවේ වැටුණම විකුණන් කන්නේ මේ අය තමයි.මේ මිනිසුන්ට ලැජ්ජා නැහැ.‘යනුවෙන් වයඹ පළාත් සභා සන්ධාන මන්ත්රීනී මංජුලා දිසානායක මහත්මිය මාධ්‍යවේදීන්ට වැල්ලවදී අද(09) බැන වැදුණාය.
ගනේවත්ත අඹකොල වැවැදී පැහැරගත් බව කියන දැරියගේ නිවසට ආ මන්ත්‍රිනිය මාධ්‍යවේදීන් දුටු ගමන් ඔවුන්ට බැනගෙන ගියාය.
ඔවුන් ඉවත් කරන්නැයි ඇය පොලිසියට ද කීවාය.
ඒත් පොලීසිය ඇගේ ‘අණ ‘ පිළිපැද්දේ නැත.මීගලෑවේ මීට පෙර පැහැරගත් දරුවා සොයා ගැනීමට මාධ්‍ය මහ මෙහෙවරක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී අජිත් රෝහණ මහතා කොළඹ පුවත්පත් සාකච්ඡාවකදී ඔවුන්ට ස්තූති කරමින් සේවය අගය කළේය.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා‘ නැමැත්තා තංගල්ල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හෝ ඔහු විසින් නම් කරන
ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හානි වන ආකාරයේ ස්මාරකයක් කැනඩාවේ ඉදිකිරීමට අනුමැතිය දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය පළ කරන බව විදේශ අමාත්
කිසිදු බාධාවකින් තොරව කෘතීම බුද්ධියේ ආයෝජනය කිරීම සඳහා මාර්ගය සකසා ගැනීමේ අරමුණින් සේවකයන් 6000 ක් ඉවත්කිරීමට මයික්‍රෝසොෆ්ට් සමාගමේ තීරණය කර ඇතැයි පැව
කැනඩාවේ ඉදිකර ඇති එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයට විරෝධය දැක්වීමට වර්තමාන ආණ්ඩුවට රාජ්‍යතාන්ත්‍රික දේශපාලන පෞරුෂයක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හ
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ’ඉමියුනෝ
මහජන සනීපාරක්ෂාව සහ ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම වෙනුවෙන්, දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වලට ප්‍රධාන සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ ව
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පළාත් මන්ත්‍රීනි උම්බෑ කියයි
චමින්ද වෙරෝන Tuesday, 09 September 2014 05:30 PM
ඇමතිතුමාගේ උෂ්ණය වැදිල වෙන්න ඇති ඔය විදියට හැසිරෙන්නේ. (ස)
රූපා Tuesday, 09 September 2014 05:53 PM
ඔය හරක් වගේ කෑ ගහන මෝඩ ඈයෝ නිකමටවත් හිතුවද ? කව්ද සැපට ඉදගෙන යස අගේට මහජන මුදලින් සුර සැප විදිනවා සේම හොරා ගෙන කන්නේ විකුණාගෙන කන්නේ ..කොටි ගණනින් ? මාධ්‍යවේදියා දෙමාපියෝ දහදිය වගුරලා ඉපයූ රුපියල සතේ වියදම් කරලා අනේකනම් දුක් ගැහැටවිද තමන්ට ලබා දුන් අධ්‍යාපනයෙන්, තමන් ලැබූ ඒ උගත් කමින්, කාටවත් බයනැතිව, මහා ජනයට ණය නැතිව , වැදගත් විදියට තම දේශයට සේවය කරනවා, ගම් නියංගම් ගානේ දුෂ්කර කටුක අද්දැකීම් විදිමින් අසරණයෝ හොයාගෙන ගිහින් ජනතාවට පෙන්වල අසරණ වූ ඔවුන්ට සහන සලසලා දෙනවා, ඔය දේශපාලු අම්මණ්ඩිලා, මාධ්‍යයට ඇගිලි දිගුකරන්න පෙර ලැජ්ජා බය ඇතුව රෙදි ඇදගෙන ඔය අසරණයින්ට ..ඉන්න ගෙයක් හදල දුන්නොත් හොදයි නේද තම පඩියෙන් ..? එහෙම වත් දෙයක් කලොත් මිසක, තමන්ගෙන් ඉටුවෙන්න තියන දේවල් මාධ්‍යවේදියාට දොස්කියලා වහ ගන්න යන්න එපා, මොකද මාධ්‍යවේදියා ජනතා දේපලවලින් යැපෙන, අබ්බ ගාතයෙක් නොවේ....! ඒ පුද්ගලයා කරන්නේම, දිවා රෑ ජනතාවට මෙන් රටට සේවයක්...! ඒ අතින් ලියන පෑන කවදාවත් දුක් බර පැත්තට නැවුනත්, බර වැඩි පැත්තට නැවෙන්නේ නැහැ.. ?දේශපාලුවෝ මාධ්‍යවේදියාට බනිනකොට මගේ ඇගේ මාළු නටනවා.....! අසරණයෝ කීදෙනෙකුට වසරකට උදව් උපකාර කරනවද ලක්ෂ ගණනින් මේ පත්තරය ...? උඩ බලාගෙන ඇගේ පහකර ගන්නව මේ අම්මණ්ඩිල..? (ස)
පිටිගල Tuesday, 09 September 2014 06:22 PM
උම්බෑ! නෙවෙයි , බුහ්! බුහ් !! කියලා. (ස)
රුවන් Tuesday, 09 September 2014 06:41 PM
ඒ කතාවේ ඇත්තක් නැතුවම නෙවෙයි නේද? හැබයි මේක පලකරන්න ධෛර්යයක් තිබෙයිද මන්දා ? (ස)
සම්පත් Tuesday, 09 September 2014 06:56 PM
මෙච්චර කාලෙකට අපි දැක්කේ පක්ෂවලට කඩේයන පාක්ෂිකයෝ, මාධ්‍යයට කඩේයන පාඨකයෝ ටිකක් මේ දැක්කමයි (ස)
ජෝසප් Tuesday, 09 September 2014 07:35 PM
පක්ෂ වලට තියෙන ගොන් භක්තිය නිසා මේ අයට ඡන්දය දෙන අයට මඩු වලිගෙන් තලන්න ඔනේ. (ස)
ආචාර්ය විකී Tuesday, 09 September 2014 08:14 PM
මේ වගේ අයට මහත්මිය කියල කියන ඔයාලට තමඊ එස්සෙල්ල ගහන්න ඕනෑ (ස)
චානක. Tuesday, 09 September 2014 08:37 PM
මාධ්‍ය කරුවෙකු විසින් මෙහෙයවන පෑනේ බලය විධායක බලයටත් වඩා වැඩියි. මන්ද එයට බලපෑම් කළ ලොව ප්‍රබල පුද්ගලයන් රාශියක් සල්ලම් වී ඇති බව ඉතිහාසය පුරා පෙන්වා දී තිබෙනවා.පේනවා නේද මාධ්‍ය මෙයට යොදා තිබෙන වචන මාලාව මේ වචන ටික ඇති මන්ත්‍රීවරියට ඔය විදියට හැසිරෙන්න. (ස)
සැමුවෙල් Tuesday, 09 September 2014 10:23 AM
අර ගුරුවරියකගේ කේස් එකට සම්බන්ද උණු කෙනාගේ සහෝදරියක්ද ? (නදී)
ජනක Tuesday, 09 September 2014 10:27 AM
මෙයාට මොකද්ද මේ ගැන තිබෙන ප්‍රශ්නේ ? එයා ට නැති වුන ළමයා සොයා දෙන්න පුළුවන් නම් උඩ පැන්නට කමක් නැහැ. (නදී)
ගජදීර Tuesday, 09 September 2014 10:35 AM
සැමුවෙල්, මේ එයාගේ අක්කා.(නදී)
රාජුන් Wednesday, 10 September 2014 12:05 AM
මට පොඩි වෙනසක් දැනෙනවා. උත්තමයෙක්ගේ හරි උත්ත්මාවියකගේ හරි බඩේ අමාරුවක් වගෙයි! (නි)
ලුම්බිණි Wednesday, 10 September 2014 12:39 AM
මේකට තමයි කියන්නේ පොඩ්ඩක් හරි මොළය තිබෙන අයව මහජන නියෝජිතයන් ලෙස තෝරාගන්න කියලා. (නි)
උපාලි Wednesday, 10 September 2014 12:54 AM
මෙයාගේ නමවත් අපි දැනගත්තේ ඔහොම දෙයක් කිව්ව නිසානේ. එහෙම කියන්න ඇත්තෙත් ඒ බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. (නි)
ධම්ම Tuesday, 09 September 2014 10:57 AM
සෙනඟ පිරෙන තැන්වලට ඇවිල්ලා කතා පවත්වන එක මෙයාලගේ හැටි. එයාලා කියන දේවල් ඒ තරම් ගණන් ගන්න ඕනෑ නැහැ. (නි)
සෑම් Tuesday, 09 September 2014 11:02 AM
නුදුසුස්සන් මෙවැනි තැන් වලට පත්කළ විට සිදුවන්නේ මෙවැනි දේවල් තමයි (නි)
උපාලි Tuesday, 09 September 2014 11:12 AM
මොකද දන්නෙ නැහැ මාධ්‍යවේදීන් මේ තරම් ඇලජික්? (නි)
සමන්ති Tuesday, 09 September 2014 11:36 AM
මේ අය නැවත පාසල් යවන්න ඕනෑ. (නි)
නිශාන්ත ඩබ්ලිව්.ජි Wednesday, 10 September 2014 03:18 AM
දැන් මෙයාත් එතනට ගිහින් තියෙන්නෙ මරණය හරි විකුණන්න පුළුවන්ද කියලා බලන්නද?සමහරවිට මාධ්‍යවේදීන් සිටින තැන ඒක විකුණන්න බැහැ කියලා හිතුනද දන්නෙත් නැහැ ඔහොම බැන්නෙ. (නි)
රෙජි-සිඩ්නි Wednesday, 10 September 2014 03:22 AM
මට නම් පෙනෙන්නේ මැඩම්ට දේශපාලන ඌෂ්ණය වැදිලා කියලයි. (නි)
නිමල් ලලිත Wednesday, 10 September 2014 03:56 AM
මෙයා මාධ්‍යයට මෙතරම් බිය වන්නේ මන්ද? (නි)
මහේෂ් Tuesday, 09 September 2014 12:18 PM
මෙයාලා වගේ අය ගැන මට හිතෙන දේ මෙතන ලියන්න බැහැ (නි)
මිලානො ජයන්ත Tuesday, 09 September 2014 12:17 PM
නූගත්කම මොනවට කියාපාන්නක්. (නි)
පාලිත Tuesday, 09 September 2014 12:51 PM
සමන්ති, මේ අයව පාසල් යවලා, පාසලේ ඉන්න හොඳ ළමයින්වත් නරක් කරන්නද හදන්නේ? (නි)
දාන් Wednesday, 10 September 2014 04:55 AM
මේ ප්‍රශ්න වලට මූලික වෙලා තියෙන්නේ අද තියෙන අන්තෙටම පිරිහිච්ච මාද්‍ය කලාවයි. මාද්‍ය සදාචාර සාරධර්ම කිසිදෙයක් අද නෑ. (නදී)
ඉසුරන්දි Tuesday, 09 September 2014 12:56 PM
සමහරුන්ට මාධ්‍යවේදීන් ඇලජික්. ඒකයි ඔය. (නි)
නිමල් රාජපක්ෂ Tuesday, 09 September 2014 12:59 PM
මාධ්‍ය සමඟ බොහොම ප්‍රවේශමෙන් වැඩ කරන්න ඉගෙනගන්න. එය ඔබේ අනාගතයට හොඳ වේවි. මෙම දරුවා සොයාගන්න ඒ අයගේ උපකාරය ලබාගන්න. මේක තනියම කරන්න බැහැ. පෑන ඉතාමත් බලවත්, ජන බලයට වඩා (නි)
වසන්ති Tuesday, 09 September 2014 01:09 PM
මොවුන්ට ඡන්දෙ දීලා එවපු අපි අපිටම ගහගන්න ඕනෑ. අපිටයි පිස්සු. අනේ අපේ රටට ගිය කලක්. (නි)
නිමල් රාජපක්ෂ Tuesday, 09 September 2014 01:10 PM
මෙයා මහත්තයාගේ නමත් කනවා .ඔය විදිහට ගියොත් මහත්තයාගෙනුත්, ජනතාවගෙනුත්, දෙපැත්තෙන්ම කන්න වෙනවා විතරක් නොවේ, ලබන පාර ගෙදර යන්නත් වෙනවා (නි)
මොහාන් Wednesday, 10 September 2014 05:10 AM
මෙයා තමයි සුජාත දියණිය කියල පෝස්ටර් ගැහුවේ. (ස)
රුවන් Tuesday, 09 September 2014 01:18 PM
මේ අයට ඕනෑ කොහොමහරි ප්‍රසිද්ධියක් ලබාගන්න. (නි)
අජිත් Tuesday, 09 September 2014 01:18 PM
බොරු "ෂෝ එකක්" දාන්න ගිහින් වැටුන අමාරුවක තරම... ! (නි)
ඇන්ඩෲ Tuesday, 09 September 2014 01:22 PM
ඔය කියපු දේවල් සේරම හරි නම් එයාගෙන් අහන්න ඕනෑ. එයාලා එන්නේ මරණයක්, කරදරයක් වුණොත් විකුණාගෙන කාලා යන්න. ලැජ්ජාවක් නැත්තේ ඒ අයටයි. පත්තර හින්දා තමයි සාමාන්‍ය ජනතාව මේ වගේ සිද්ධීන් දැනගන්නේ. නුසුදුස්සන්ගේ මෝඩකම පෙන්වනවා. (නි)
ටිකිරි බණ්ඩාර Tuesday, 09 September 2014 01:38 PM
මෙවැන්නන්ට බලය ලබාදීමේ වරදට ජනතාව දඩුවම් විඳිය යුතුමය (නි)
රූපවතී Wednesday, 10 September 2014 06:16 AM
සම්පත් සොයුර නිකමටවත් සිතුවාද? අපේ රටේ දුප්පතෙකුගේ දුකට පිහිට උනානම් ඒ මේ වටිනා මාධ්‍යවේදියෙකුගේ අතින් ලියවුනු වචන ටිකකින් මිස, ඔය සුර සැප විඳගෙන ගිරිය පුපුරන්න දොඩවන දේශපාලකයෙක් නිසා නොවෙයි කියල , අපිත් අද කොහේ හරි රටක සැපට ඉදන් ලැප්ටොප් එක උඩ හිටගෙන, උජාරුවට අදහස් ලියන්නේ, අනේ මේ කියන මාධ්‍යවේදියා, මුළු දේශපාලකයන්ගේම ගල්මුගුරුවලින් පහර කාගෙන, ලේ පෙරාගෙන, ඒ කරන සේවයට පින් සිදුවෙන්න, අපි මෙහෙවත් ඒ නිර්භීත මිනිසා වෙනුවෙන් හඬක් නැගිය යුතුමයි..! ඒක තමයි අපේ කම ..!!! (ස)
රන්ජිත් Tuesday, 09 September 2014 01:52 PM
මෙයාලට ඡන්ද දුන් අය ගැනත් හිතාගන්න පුලුවන් (නි)
කුමාර Wednesday, 10 September 2014 06:32 AM
මේ අයට ඕන පොඩ්ඩක් අපිත් ඉන්නවා කියල ලංකාවට පෙන්නන්න. මම හිතන්නේ ඇය සාර්ථකයි. මාධ්‍යවේදීන්ට බැනල ඒ අය ලවාම ජනප්‍රිය වෙනවා. මාධ්‍යවේදීන්ට මේක තේරෙන්නේ නෑ. ඌරාගෙ මාලු ඌරාගෙ පිටේ තියල කපනවා කියන්නේ ඕකට තමා. (ස)
සුරංග Tuesday, 09 September 2014 02:29 PM
එයා කොහොමත් උම්බෑ කියන එක්කෙනෙක් තමා. (නි)
ජයත් Wednesday, 10 September 2014 06:50 AM
ගව මහීෂයන් කදාවත් " උම්බෑ" නොකියා මනුස්සයෝ වගේ කතා කරේ කොහෙදිද ? (ස)
මලිත් Tuesday, 09 September 2014 02:39 PM
උම්බෑ කියනවා නම් ඉතින් දැන් තීරණයක් ගන්න වෙයි (නි)
රොකී Tuesday, 09 September 2014 02:47 PM
මේ වගේ කෙනෙකුට ඡන්දය දුන් මිනිසුන් ලැජ්ජා වෙන්න ඕනෑ. මිගලෑවේ දරුවා නැති වූ වෙලාවෙත් ඒ වගේම අර ගණන්කාර දේශපාඥයා ගුරුතුමියක දණ ගැස්වූ වෙලාවෙත් මාධ්‍යවලින් ඉටුවුණ සේවය අපට මතකයි. මෙයා ආවේශ වෙලා උඩපනින්නේ හංගාගන්න දේවල් එයාටත් තිබෙන නිසා වෙන්න ඇති! (නි)
රෝහණ Tuesday, 09 September 2014 02:53 PM
බන්දුල පෙරේරා මේකට මොකුත් දමන්නේ නැද්ද? (නි)
කසුන් Tuesday, 09 September 2014 03:02 PM
මෙයා මාධ්‍යෙව්දින්ගේ වගකීම ගැන කතා කරන්නේ, මෙයාලගේ බල ප්‍රදේශයේ මිනිස්සු ජීවත් වෙන ගෙවල් වල තත්වය මේ සිද්ධිය වූ නිවසින් ම පේනවා නේද ? එයාලගේ යුතුකම් ඉටුකරලා තියෙන හැටි ද මේ පේන්නේ. ? (ස)
දීපාල් Tuesday, 09 September 2014 03:27 PM
ඡන්ද වලට විතරද මාධ්‍යය ඕනේ (ස)
චමීර Tuesday, 09 September 2014 03:41 PM
පුදුම වෙන්න දෙයක් නැහැ එක අතකට. (නි)
නන්ද Tuesday, 09 September 2014 03:43 PM
උම්බෑ කියනවා නම් ඉතින් කෙවිට ගන්න කාලය හරි මලේ (නි)
සදුනි Tuesday, 09 September 2014 04:10 PM
ඡන්දෙන් දිනලා ඉන්න අයට මේ අසනීපය හැදෙනවා. මේකට කියන්නේ "මාධ්‍ය නිව්මෝනියාව." (නි)
චාමික Tuesday, 09 September 2014 04:21 PM
දැන් දැන් වෙන දේවල් වල හැටියට, මේ කෙනාටත් හිතෙන්න ඇති මාධ්‍යවේදින් නිසා මේකත් යන අත වෙනස්වේවි කියලා (නි)
සරත් Tuesday, 09 September 2014 04:31 PM
මම දන්නවා එයා ගැන (නි)
චමින්ද Tuesday, 09 September 2014 04:32 PM
මෙයා වගේ අය ගැන මට හිතෙන දේ ලිව්වොත්, මෙතන පළකරන්න නොහැකි වේවි (නි)
නිමල් බණ්ඩාර Tuesday, 09 September 2014 04:35 PM
අපරාදේ මිනිසුන්ගේ මනාප ඡන්ද.. (නි)