IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


පළාත් පාලන මැතිවරණය ජනවාරියේ

ලබන වසරේ ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම නිල කාර්ය සංවිධානය සකස් කරමින් සිටින බව වාර්තා වේ.

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 335ක් සඳහා සාමාජිකයින් තෝරාගැනීම සඳහා ඡන්දය භාවිතා කිරීමට ආසන්න වශයෙන් මිලියන 15.6 දෙනකු සුදුසුකම් ලබා ඇතැයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

බහුමන්ත්‍රී කොට්ඨාස ක්‍රමය සම්බන්ධයෙන් විමසීම සඳහා කොමිසම පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යංශය සමග සම්බන්ධව සිටින බව ද ඒ මහතා කීය.
 
එම බහු මන්ත්‍රී ඡන්ද කොට්ඨාස ක්‍රමය පෙර තිබූ ආකාරයට වනු ඇති බවත් තම නියෝජිතයින්ට අනුව විවිධ ප්‍රජාවන් නියෝජනය කරන විවිධ සාමාජිකයින් තෝරාගැනීමට ඡන්ද දායකයාට අවස්ථාව හිමිවනු ඇති බවත් ඒ මහතා පැවසීය.
 
එක් එක් පළාත් පාලන ආයතන වෙනුවෙන් කොට්ඨාස 4900ක් ඇති බව මැතිවරණ නිලධාරීහු පවසති.165ක් සඳහා සාමාජිකයින් දෙදෙනකු සහ කොට්ඨාස හතරක් සඳහා සාමාජිකයින් තිදෙනකු පත් කෙරෙන බවද වාර්තා වේ.

මෙම බහු මන්ත්‍රී කොට්ඨාස ක්‍රම දෙක මගින් සාමාජිකයින් 330 දෙනකු සහ 12 දෙනකු තෝරාගන්නා බවද ඔවුහු පවසති.

බහු මන්ත්‍රී කොට්ඨාස ක්‍රමය අනුව ඡන්දය භාවිත කිරීම සඳහා ඡන්ද දායකයින් දැනුම්වත් කිරීමට සෑම ඡන්ද මධ්‍යස්ථානයකම පුවරු සවි කරන බවද කියැවේ.



අදහස් (0)

පළාත් පාලන මැතිවරණය ජනවාරියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 60 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2015 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1559 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site