IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පළාත් පාලන ආයතන වල සල්ලි පිල්ලි ගිහින්


 
(දයාරත්න ඇඹෝගම)  

                                                 
උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය යටතේ පළාත් පාලන කොමසාරිස්වරිය සහ ප්‍රධාන අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පසුව එම ප්‍රාදේශීය සභා බලයේ පිහිටුවීමට පෙර කාලය අතරතුර මුදා හරින ලද රුපියල් කෝටි ගණනක මුදලක් මහජන සුභසාධනයකින් තොරව නිලධාරීන් හා ඔවුන්ගේ හිතවතුන් විසින් වංචා කර ඇතැයි උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.


අනුරාධපුර පිහිටි ඒ මහතාගේ සම්බන්ධිකරණ කාර්යාලයේදි අද (7) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.


රජයේ ටෙන්ඩර් පටිපාටිය ද උල්ලංඝණය කරමින් කොන්ත්‍රාත් හා මිලදී ගැනීම් හරහා මෙලෙස රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ඇතැයි රංජිත් සමරකෝන් මහතා සඳහන් කරයි.


මෙම මුදල් වෙන් කිරීම් යටතේ නොච්චියාගම ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 500 ආසන්න මුදලකුත් රාජාංගණය ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 200 ආසන්න මුදලකුත් ආදී වශයෙන් උතුරුමැද පළාතේ අනුරාධපුර මහා නගර සභාවත් ඇතුළුව ප්‍රාදේශීය සභා 25 ක් සඳහා මෙලෙස රුපියල් කෝටි ගණනක මුදලක් මුදා හැර ඇතැයි ද  හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කරයි.


ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පසුව එම සභා බලයේ පිහිටුවීම සඳහා ගත වු මසකට ආසන්න කාලයක් තුළ සභා ලේකම්වරුන් හා නිලධාරීන් රාජ්‍ය මුදල් වංචා කර ඇති බවත් සභාවේ අනුමැතියකින් තොරව මෙවැනි විශාල මුදලක් ඔවුන්ගේ අභිමතය පරිදී පරිහරණය කළ නොහැකි බවත් රංජිත් සමරකෝන් මහතා මෙහිදි පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.


ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ඇතිව අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල යැයි කියා ගන්නා  ඇමැතිවරයකුගේ වුවමනාවට ඔවුන්ගේ හිතවතුන් හා නිලධාරීන් පොහොසත් කිරීම සඳහා මහජන සුභසාධනයට මුවාවී මේ මුදල් ප්‍රාදේශීය සභා හරහා වියදම් කර තිබෙනවා. මේ පිළිබඳව විගණන අංශ වහා පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.


ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයෙන් පසුව බලයට පත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභාව යටතේ පළමු කාර්යයක් සේ සළකා මේ මුදල් අවභාවිතය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරනවා. ඊට වගකිව යුත්තන්ට නියත වශයෙන්ම දඬුවම් දීමටත් පියවර ගන්නවා.


රජයේ මුදල් වියදම් කිරීමේ ක්‍රමවේදයට අනුව මෙවැනි කටයුත්තක දී ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව අවසන් ගෙවීම සඳහා අවම වශයෙන් මාස තුනක කාල සීමාවක්වත් ගත වෙනවා.

එසේ තිබියදි මසකටත් අඩු කෙටි දින කිහිපයක් ඇතුළත රැපියල් කෝටි ගානක් වියදම් කර සිදුකළා යැයි කියන මාර්ග ඉදිකිරිම් නඩත්තුව හෝ වෙනත් සුභ සාධන කටයුතු සඳහා මෙතරම් මුදලක් වියදම් කලා යැයි කෙසේවත් සිතිය නොහැකියි. මෙය කිසිසේත් ප්‍රායෝගිකත් නැහැ.


එවැනි නීති රාමුවක් තිබිය දී මේ සිදුකර ඇති මහා මුදල් වංචාව පිළිබදව කඩිනමින් විමර්ශනයක් සිදුකළ යුතු බවද රංජිත් සමරකෝන් මහතා මෙහිදි පැවසිය.


උතුරු මැද පළාතේ හටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සිදුකරන මෙම චෝදනාව සම්බන්ධයෙන් අප උතුරුමැද පළාත් පාලන කොමසාරිස් එම්.කොඩිප්පිලි ආරච්චි මහත්මිය ගෙන් සිදුකළ විමසුමේදි කොමසාරිස්වරිය මෙසේ පැවසුවාය.

ඒ ඒ ප්‍රාදේශීය සභාවලින් සිදුකළ ඉල්ලිම් මත උසාවි දඩ මුදල් සහ මුද්දර ගාස්තු ආණ්ඩුකාර තුමාගේ නිර්දේශය මත පළාත් භාණ්ඩාගාරයෙන් එම ප්‍රාදේශීය සභාවලට යවා තිබෙනවා.එම මුදල් අයිති වන්නේ ප්‍රාදේශීය සභාවලට.


මිට අමතරව ප්‍රධාන අමාත්‍යාංශය මගින්ද විවිධ ව්‍යාපෘති සදහා ප්‍රාදේශීය සභාවලට මුදල් ලබාදී තිබෙනවා. ඒ හැරෙන්නට තම දෙපාර්තමේන්තුවෙන් මෙම කාලය තුළ මුදලක් ප්‍රාදේශීය සභා වෙත ලබා නොදුන් බවද කොමසාරිස්වරිය සඳහන් කළාය.



අදහස් (10)

පළාත් පාලන ආයතන වල සල්ලි පිල්ලි ගිහින්

Saththaya Thursday, 07 June 2018 06:42 AM

ඔය ගොල්ලන්ගේ කට්ටිය නෙමේ නම් පරීක්ෂණ පවත්වන්න . නැතිනම් අපරාදෙනේ . ගිය වකවානුවේ ඒවත් ඒ එක්කම හොයන්න බැරිද ?

:       1       324

සතයපාල Thursday, 07 June 2018 07:04 AM

බලයට එන්න පෙර වංචාව දූෂණය හා නාස්තිය ගැන කිඹුල් කඳුළු හෙලනවා. බලයට ආ පසූ උනුත් ඒ ටික ඒ විදිහටම කරනවා. මේ යහාපාලන ආණ්ඩුව හොදම උදාහරණයයී.

:       5       47

Mahee Thursday, 07 June 2018 07:11 AM

සකල ශ්‍රී ලංකාවම හොරුන්ගෙන් මංකොල්ල කාරයින්ගෙන් වංචා කාරයින්ගෙන් පිරිලා. අපේ විද්වතුනුත් එක එක පක්ෂවලට කත් අදිනවා මිසක් පොදුවේ රට ගැන හිතන්නේ නැහැ. අනේ, අපි කවදා නම් ගොඩ එමුද? අනේ අපට ලී ක්වාන් යු කෙනෙක්, මහතීර් මොහමඩ් කෙනෙක් කවදා ලැබෙයිද?

:       0       118

PerakumThursday, 07 June 2018 08:21 AM

මහී, බලන් ඉන්න බස්නාහිරින් ඉර පායනකල්...! මේ විධියට ගියොත් ළඟදීම හමුදා පාලනයක් එනවා. හොඳ පාලකයෙක් ආවොත් අපි ගොඩ.

:       0       2

saman Thursday, 07 June 2018 07:13 AM

අපි හිතුවේ ඔබතුමන්ලා විතරයි පිල්ලි ගහන්නේ කියලා. බලනකොට තවත් අය එහෙම කරනව නේද?

:       0       8

Raveendra Thursday, 07 June 2018 08:41 AM

මහජන පොදු දේපොළ හොරා කනවා කියන්නේ මොන පක්ෂේ, කවුරු උනත් එ් තැනැත්තාට දරුමල්ලොත් එම අපරාධයට වන්දි ගෙවනවා ගෙවනාමයි. එකේ කිසි වෙනසක් නැහැ. දැන් ඔහෙගේ මේ අඩවැඩියාව ඔහෙට හොරකම් කාරන්න අවස්තාව නැති නිසා බවනම් ස්ථිරයි. නැවත අපි කියනවා කවුරු මහජන මුදල් හොරා කනවාද ??ඔහු ජාති ජාතිත් ඒ සදහා වන්දි ගෙවනවා. අනේකවිද දුක්විදලා තමයි මැරෙන්නෙත්. අනාගතේ ඒ සදහා සාක්කි දරයි. "අද දිනේ මතකතියා ගන්නවා:. මිනිස්සුන් හුල්ලන හැටි සහ අහිංසක මිනිස්සුන්ගේ සාපෙන් නුඹලා එකෙකුටවත් බේරෙන්න බැහැ මතක තියා ගන්න වෙයි. මෙය සියලු දෙනාටම පොදුයි ....

:       0       108

Hafeel Thursday, 07 June 2018 08:45 AM

සහෝදරයාට ලැබුණු මාවිලාරු ගොවි වන්දි ගැනත් ආපු ගමන් පරීක්ෂණ කරන්න.

:       0       105

Bamunuarachchi Thursday, 07 June 2018 09:42 AM

මොන කතාද හලෝ මහබැංකුව පිල්ලි ගහපු මේගොල්ලන්ට පළාත් පාලන ආයතන වල සල්ලි පිල්ලි ගහන එක මොන කජ්ජක්ද?

:       0       0

රවින් Thursday, 07 June 2018 12:21 PM

හරිම පාඩුවක් තමා වෙලා තියෙන්නේ.

:       0       0

rocky Thursday, 07 June 2018 01:15 PM

පිල්ලි ගහන එක ඒ ගොල්ලන්ගේ රාජකාරිය නොවැ. තව තව දෙන්න , මදි වෙලා තියනවා නම්. මහ ජනයා උන්නැහේලට ඡන්දෙ දෙන්නේ වෙන මොනවටය !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 189 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2071 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site