IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දය මැය 06 නෑ

(මනෝප්‍රිය ගුණසේකර)

කොළඹ මහ නගරසභාව ඇතුළු ප්‍රාදේශිය සභා කිහිපයක මැතිවරණ පැවැත්වීම මැයි 16 වැනිදා තෙක් වළකාලමින් අභියහනාධිකරණය තහනම් නියෝගයක් අද (07) නිකුත් කළේය.

කොළඹ මහනගර සභාවට අමතරව කුලියාපිටිය, හාරිස්පත්තුව, උඩපළාත, පන්විල සහ පාතදුම්බර ප්‍රාදේශීය සභාවල මැතිවරණය පැවැත්වීම වළකාලමින් අභියහනාධිකරණය මෙම තහනම් නියෝගය නිකුත් කළේය.

අභියාචනාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ නාම යෝජනා පත්‍ර බාර දීමේ කාලය ඉකුත්වීම හේතුවෙන් ප්‍රතික්ෂේප කෙරුණු නාම යෝජනා පත්‍ර සම්බන්ධයෙන් ගොනුකොට තිබූ පෙත්සම් සලකා බැලීමෙන් පසුවය.

එම පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් එහි වගඋත්තරකරුවන්ට මැයි 16 වැනිදා අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙස නොතීසි නිකුත් කළ අධිකරණය අදාල නියෝගය එදිනතෙක් බලපැවැත්වෙන බවද ප්‍රකාශ කෙරිණි.

අභියාචනාධාකරණයේ වැඩබලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ කේ.පී.ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියෝගය නිකුත් කළේය.
පෙතසම්වල වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ තේරීම් බාර නිලධාරීවරු ඇතුළු පිරිසන් නම් කර ඇත.

උප්පැන්න සහතිකය, සාමවිනිසුරුවරුන්ගේ සහතික කිරීම හේතුවෙන් ප්‍රතික්‍ෂෙප වු නාම යෝජනා පත්‍රවල වලට එරෙහිව ගොනුකොට තිබූ පෙත්සම 53 සම්බන්ධයෙන් අධිකරණය සලකා බැලීය.

පෙත්සම් කැඳවු අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා කරුණු දක්වමින් ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇති බැවින් එම නියෝගය බලාත්මක බවත් ඒ අනුව මේ පෙත්සම් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ යුතු බවත් පැවසීය.

පළාත් පාලන මැතිවරණය කල්දැමීම හේතූවෙන් සිදුවන්නේ ජනතාවගේ බදු මුදල් නාස්ති වී තවත් රට අගාධයට පත්වීම බවත් මේ සම්බන්ධයෙන් වගකිවයුත්තේ සමහර නිලධාරීන් බවත් ඔහුගේ ක්‍රියාකලාපය මීට බලපාන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු  වැඩබලන සභාපති විනිසුරු ලපාර් තාහිර් මහතා කියා සිටියේ නිතිපතිවරයාගේ තර්කය නිවැරදි බවත් දෙපාර්ශවයටම සාධාරණයක් කළ යුතු බවත් පැවසීය.

පෙත්සම්කාර පාර්ශ්වයේ සහ ජනතාවගේ ඇති අයිතිය සම්බන්ධයෙන්ද සලකා බලා දෙපාර්ශවයටම සාධාරණ තීන්දුවක් දිය යුතු යැයි කී වැඩබලන සභාපති විනිසුරු ලපාර් තාහිර් මහතා මැයි 16 වැනිදා පෙත්සම් සලකා බැලීමට තීරණණය කෙරිණී.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ චාමර කාරියවසම් මහතා සමඟ  ජනාධිපති නීතිඥ පයිසර් මුස්තාපා, නිසාම් කාරියක්පර් යන මහත්තුරු පෙනී සිටියහ.

වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහර ජයසිංහ මහතා පෙනී සිටියේය.



අදහස් (2)

පළාත් පාලන ආයතන කිහිපයක ඡන්දය මැය 06 නෑ

පුරවැසියන් Monday, 07 April 2025 05:29 PM

මේ තමා අපේ රටේ කරුමේ. නඩුව ගන්න පුළුවන් හෙට. ඒත් ගන්නේ මාසෙකට පස්සේ. ඒ මාසේ උසාවි කෝ? අපි මහජනයා වශයෙන් බදු ගෙවලා මේවා නඩත්තු කරන්නේ මෙහෙම ගොං වැඩ කරන්නද?

:       1       18

සෙනෙවිරත්න Monday, 07 April 2025 06:16 PM

චන්ද පනහක් වත් ගන්න බැරි ත්‍රීවිල් පක්ෂ මේ නඩු දාල මැතිවරණ කල් දාගන්නව, මේ අයගෙ චන්ද ගණන් කරල බලන්න මැතිවරණය තියපු දවසක. මේ නඩු වහ වහා අහල ඉක්මනින් ඡන්දය තියන්න තිබුන.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1063 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site