ශ්රී ලංකා ක‍්‍රිකට් ආයතනය පත්කර ඇති නව පළාත් පුහුණුකරුවන් 10 දෙනා අතරට හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයෝ තිදෙනකු ඇතුළත්ව සිටිති. 1996 ලෝක ශූර ශ්‍රී ලංකා පිල නියෝජනය කළ රවින්ද්‍ර පුෂ්පකුමාර, උතුරු පළාත් පුහුණුකරු ලෙස පත්කර තිබේ. හිටපු කඩුලූ රකින ක‍්‍රීඩක ලංකා ද සිල්වා, බස්නාහිර දකුණ පුහුණුකරුවකු ලෙස ද, නිරෝෂන් බණ්ඩාරතිලක, දකුණු පළාත් පුහුණුකරු ලෙස ද පත්ව සිටිති. පළාත් පුහුණුකරුවෝ: නැගෙනහිර පළාත - මංජුල කරුණාතිලක, උතුරු පළාත - රවින්ද්‍ර පුෂ්පකුමාර, ඌව පළාත - චමින්ද කොඩිකාර, උතුරු මැද පළාත - අජිත් ඒකනායක, මධ්‍යම පළාත - සුනිල් ප‍්‍රනාන්දු, දකුණු පළාත - නිරෝෂන් බණ්ඩාරතිලක, බස්නාහිර (උතුර) - රෝහිත පෙරේරා, බස්නාහිර (උතුර - පිට කොටස) - දර්ශන ගමගේ, බස්නාහිර (දකුණ) - රුවින් පීරිස් සහ බස්නාහිර (දකුණ - පිට කොටස) - ලංකා ද සිල්වා
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පළාත් ක‍්‍රිකට් පුහුණුකරුවන් අතරට හිටපු ටෙස්ට් ක‍්‍රීඩකයෝ තිදෙනෙක්
නාලක පුෂ්පකුමාර Monday, 14 May 2012 02:45 PM
සබරගමුවට පුහුණුකරුවො එපාද?