අන්තර් පළාත් ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට කදුරට/ඌව ඒකාබද්ධ, වයඹ, රුහුණු සහ උතුර/නැගෙනහිර ඒකාබද්ධ යන කණ්ඩායම් සුදුසුකම් ලැබීය. කණ්ඩායම් පහක් සහභාගි වූ මෙම තරගාවලියේ පළමු වටයෙන් බස්නාහිර පිල ඉවතට විසිවිය.
පළමු අවසන් පූර්ව තරගය කදුරට/ඌව ඒකාබද්ධ පිල සහ උතුර/නැගෙනහිර ඒකාබද්ධ පිල මේ මස 27 වැනිදා එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී ද, දෙවැනි අවසන් පූර්ව තරගය රුහුණ පිල සහ වයඹ පිල අතර මේ මස 2 වැනිදා පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගණයේදී ද පැවැත්වේ.
කොළඹදී පැවැති පළමු වටයේ අවසන් තරගවලදී ජෙහාන් මුබාරක් මෙහෙයවන වයඹ පිල විසින් කඩුලූ 2 කින් දිමුත් කරුණාරත්න මෙහෙයවූ කදුරට/ඌව ඒකාබද්ධ පිල ද, චාමර සිල්වා මෙහෙයවන රුහුණ පිල විසින් ලකුණු 8 කින් මලින්ද වර්ණපුර මෙහෙයවන බස්නාහිර පිල ද, පරාජය කරන ලදී.
මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී
කදුරට/ඌව ඒකාබද්ධ පිල ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 203
(දිමුත් කරුණාරත්න 36, තිලාන් සමරවීර 48, දුලීක තිස්සකුට්ටිගේ 17, දිල්හාන් කුරේ 38, දේශාන් ඩයස් 21, නුවන් ප‍්‍රදීප් 22/3, තරි`දු කෞෂාල් 42/3, චතුර රන්දුණු 38/2)
වයඹ පිල ඕවර 31.4 කදී කඩුලූ 8 ට 205
(ඩිල්ෂාන් මුරණවීර 20, ජෙහාන් මුබාරක් 81, චාමර කපුගෙදර 68, දුලංජන මෙන්ඩිස් 48/3, රජීව් වීරසිංහ 49/3)
එස්. එස්. සී. ක‍්‍රීඩාංගණයේදී
රුහුණ පිල ඕවර 49.5 කදී 242
(ඩිල්රුවන් පෙරේරා 33, අෂාන් ප‍්‍රියංජන් 35, ගයාන් මනීෂාන් 34, ඉන්දික ද සේරම් 83, ජනක ගුණරත්න 20, තිළිණ තුෂාර 44/2, සීකුගේ ප‍්‍රසන්න 52/2, සචිත‍්‍ර සේරසිංහ 45/2)
බස්නාහිර පිල ඕවර 40.2 කදී කඩුලූ 9 ට 234
(මහේල උඩවත්ත 21, තිලකරත්න සම්පත් 19, රුමේෂ් බුද්ධික 26, සචිත‍්‍ර සේරසිංහ 48, රොෂේන් සිල්වා 33, තිළිණ තුෂාර 30, මාලින්ද පුෂ්පකුමාර 46/3, ඩිල්රුවන් පෙරේරා 53/2, ෂෙහාන් ජයසූරිය 9/2)
2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
608
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පළාත් එක්දින තරගාවලියෙන් බස්නාහිර පිල විසිවෙයි