IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පොහොර සමාගමක අධ්‍යක්ෂවරු අල්ලන කලින් ඇප ඉල්ලලා

(රෝෂන් තුෂාර)

පොහොර සහනාධාරය ගොවි ජනතාවට ලබාදීමේදී රජයේ මුදල් කෝටි ගණනින් වංචා කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනයන්හිදී පොලිස් අත්අඩංගුවට පත් වීමේ අවදානමක් ඇති හෙයින් ඇප නියම කරන්නැයි පොහොර සමාගමක අධ්‍යක්ෂකවරුන් දෙදෙනකු කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය.

ගොවීන්ට ලබා දීමට නියමිත ව තිබූ රජයේ පොහොර සහනාධාරය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට සහාය දක්වන ලෙසට පැමිණිලිකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙවන් විමර්ශනයක් සිදුකරන බවට මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර අදාළ නියෝග ලබාගෙන ඇති බවද පෙන්වා දුන්නේය.

ජාතික පොහොර ලේකම් කාර්යාලය 2018 වසරේ දියත් කළ පොහොර සහනාධාර වැඩපිළිවෙළේදී රුපියල් 2500ට ආනයනය කළ පොහොර මිටිය රුපියල් 1100කට ගොවි ජනතාවට ලබා දිය යුතුව තිබියදී රුපියල් 3500කට අලෙවි කර රජයේ මුදල් අවභාවිතා කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

එම විමර්ශනයන්හිදී ප්‍රකාශ ලබාදීමට ගිය විට අත්අඩංගුවට පත්වීමේ අවදානමක් ඇති බැවින් පූර්ව ඇපයක් නියම කරන ලෙසට යූරෝ මේඩ් ෆූඩ් ටීච් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන රොෂාන් මධුසංක, මොහොමඩ් අමීන් මොහොමඩ් අශීක් කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වග උත්තර කරු කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.

අපි ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.

රජයේ පොහොර සහනාධාරය අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවතින හෙයින් අත්තනෝමතිකව අත්අඩංගුවට ගැනීමක් සිදුවන බවට මෙම අවස්ථාවේදී පෙනී යන්නේ නෑ. අනීතික, අසාධාරණ ක්‍රියාවලියක් හෝ දේශපාලන පෙළඹවීමක් මත නිරපරාදේ අත්අඩංගුවට ගැනීමක්ද මෙමගින් ඉස්මතු වන්නේ නෑ.

නඩුවේ අවස්ථා නුගත කරුණු අනුව 1982 අංක 17 දරණ පොදු දේපළ පනත යටතේ විමර්ශනයක් සිදු කරන බවට කරුණු වාර්තා කර තිබෙනවා.පොදු දේපළ පනතෙන් අත්අඩංගුවට ගතහොත් ඇප ලබාදීමේ බලය මහේස්ත්‍රාත් අධිකරණයට නෑ.

නමුත් අත්අඩංගුවට පත් වුවහොත් පැය 24 ක් ඇතුළත පොලිසිය මගින් පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත්,එම ඉදිරිපත් කළ අවස්ථාවේ සුවිශේෂී කරුණු ඇත්නම් පමණක් ඇප ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලිය හැකි බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

 



අදහස් (5)

පොහොර සමාගමක අධ්‍යක්ෂවරු අල්ලන කලින් ඇප ඉල්ලලා

සෙනෙවිරත්න Friday, 09 February 2024 10:15 PM

ඔච්චර බය නම් ඕවට අතගැහුවෙ මොකටද? හිරේ යන්න බයයි මහජන දේපල මංකොල්ල කන්න බය නැහැ ලැජ්ජත් නැහැ.

:       0       7

Bamunuarachchi Saturday, 10 February 2024 01:21 AM

මේකට මොනාද කියන්නේ? පුහුල් හොරා කරෙන් දැනෙයි කියනවාද? හොරාට කලින් කෙහෙල්මල වැට පැන්නා කියනවාද?

:       0       4

ගජමිතුරු Saturday, 10 February 2024 07:59 AM

ඉතාමත් සාධාරණයි ජනතා අවශ්‍යතා නොසලකා පුද්ගලික වාසියට කටයුතු කරන අයට දඬුවමක් නොදෙන තාක්කල් හොරකම් නැවැත්වීම බොරු...!

:       0       3

සමන් Saturday, 10 February 2024 10:57 AM

ඇයි මජර දේශපාලකයින්ට විතරද ඒ අයිතිය තියෙන්නේ...?

:       1       2

Nimal Saturday, 10 February 2024 11:29 AM

පුහුල් හොරා කරෙන් දැනේ...!

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 193 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 160 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 964 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site