IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


පොහොර වංචාකරුවන් වහා අල්ලනු

(රෝෂන් තුෂාර)

ගොවි ජනතාව සඳහා ආනයනය කළ පොහොර හොර රහසේ කර්මාන්තකරුවන්ට ලබා දී රුපියල් කෝටි ගණනින් මුදල් වංචාකර රජයට පාඩු කළේ යැයි කියන මෙරට පොහොර සමාගම් පහක හා තැ‍රැව්කාර ආයතන අටක සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට අද (10)නියෝග කළේය.

එම පුද්ගලයන්ගේ බැංකු ගිණුම් විස්තර වාර්තා කැඳවීමට ද නියෝග කළේය.

2018 වසරේදී රජය ක්‍රියාත්මක කළ පොහොර සහනාධාර වැඩපිළිවෙල යටතේ රුපියල් 1100 ක සහන මිලකට ගොවීන්ට ලබාදීම සඳහා රුපියල් 2500 ක මිලකට ආනයනය කළ පොහොර පුද්ගලික අංශයේ කර්මාන්තකරුවන්ට රුපියල් 3500කට අලෙවිකර ඇති සැකකාර පුද්ගලයන් පොහොර ගොවි ජනතාවට රුපියල් 2500 ක මිලකට ලබා දුන් බවට අඟවා සමාගම්වලට අහිමි වූ රුපියල් 1400ක මුදල නැවත රජයෙන් ලබාගෙන කෝටි ගණනින් වංචා කිරීම හා අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය පිළිබඳ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළේය.

 



අදහස් (1)

පොහොර වංචාකරුවන් වහා අල්ලනු

beau Thursday, 10 October 2024 08:47 PM

ඔව්.. අසූචි ගෙන්වන්නන්ව අල්ලලා ... ඔවුන්ට අසූචි කැවිය යුතුය.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 107 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1566 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site