(සුජිත් හේවාජුලිගේ)
පොහොර සැපයුම්කරුවන්ට ගෙවීම සඳහා ලබා ගත් කෙටි කාලීන බැංකු ණය සඳහා රුපියල් කෝටි 1627කට වැඩි පොලී මුදලක් මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශ පොහොර ලේකම් කාර්යාලයේ දුර්වලතා හේතුවෙන් නිකරුණේ වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.
එම ණය මුදල් දිගුකාලීන ණය බවට පරිවර්තනය කිරීමේදී රුපියල් කෝටි 3723ක් ඇතුළත් කිරීමෙන් පොලිය මත පොලියක් ගෙවීමට සිදුව ඇති බවද නිරීක්ෂණයවී යැයි එම වාර්තාවේ දැක්වේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය පොහොර ලේකම් කාර්යාලයේ අධීක්ෂණ දුර්වලතා හේතුවෙන් 2023 වර්ෂයේ සහනාධාර පොහොර ආනයනයේදී සීමා සහිත ලංකා පොහොර සමාගම හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සැපයුම්කරුවන්ට ගෙවීම සඳහා කෙටි කාලීන බැංකු ණය මගින් ලබාගත් ණය වෙනුවෙන් මේ පමණ පොලී මුදලක් වැය කර ඇති බවද එම වාර්තාව සඳහන් කළේය.
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයට අදාළ තොරතුරු සටහනේය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පොහොර ණයට කෝටි 1627ක පොලී ගෙවලා